Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
13
එදා නදීෂාව අළුයම අරන් ගිහින් දූෂණය කර මැරූ ඩෙන්සිල්ට වසර 2කට පසු එලොව යවන්න තීන්දුවක්

- එදා නදීෂාව අළුයම අරන් ගිහින් දූෂණය කර මැරූ ඩෙන්සිල්ට වසර 2කට පසු එලොව යවන්න තීන්දුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

2014 වසරේදී මාතලේ උකුවෙල වරාපිටිය වලව්වේ පදිංචිව සිටි නදීශා වරාපිටිය නමැති තරුණිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දොන් ඩෙන්සිල් ජයවර්ධන නමැති පුද්ගලයාට පසුගිය 11වනදා  මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය විසින් මරණීය දණ්‌ඩනය නියම කර තිබෙනවා.

ඉකුත් 2014 වර්ෂයේ මැයි මස 26 වැනිදා අලුයම් කාලයේ මෙම 22 හැවිරිදි තරුණිය දූෂණය කර අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීමක්‌ වූයේ එය සිදුකළේ කවුරුන්ද යන වග හරිහැටි සොයාගැනීමට කාලයක් ගතවීම නිසාවෙන්.



එහිදී එක් අවස්ථාවක මෙම ඝාතනය සම්බන්ධයෙන් නදීශාගේ සොහොයුරන්, පවුලේ ඥතීන් මෙන්ම හිතවතුන් පිරිසක්‌ වෙතද වරින් වර චෝදනා එල්ල වී තිබූ අතර එහිදී පැවසුනේ ඉඩම් ආරවුලක් නිසාවෙන් මෙම ඝාතනය සිදුකරන්න ඇති බවයි. නමුත් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන මුදා හැර තිබුණේ එම ප්‍රකාශයන් වල සත්‍යතාවක් නොමැති වීම නිසාවෙන්.

සොහොයුරාගේ මංගල උත්සවයට පසු දින අලුයම නදීශා වරාපිටිය තරුණිය මෙලෙස ඝාතනය වී තිබුණු අතර නිවසේ කාමරයක සිය මව සමඟ නිදා සිටි නදීශා නිවසින් පිටතට රැගෙන ගොස්‌ දූෂණය කර, පසුව හිසට මොට ආයුධයකින් පහර දී තිබුණි.

මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය මාස 2 ක්‌ තිස්‌සේ පරීක්‌ෂණ පැවැත්වුවද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. 2014 වර්ෂයේ ජුලි මස 25 වැනිදා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතනය පිළිබඳ පරීක්‌ෂණ ආරම්භ කර තිබිණි.

ඝාතනය සම්බන්ධයෙන් නදීශාගේ සොහොයුරන් සහ ඥතීන්ගෙන් ද ප්‍රකාශ ලබාගත් රහස්‌ පොලිසිය ප්‍රදේශයේ නමගිය අපරාධකරුවන් පිළිබඳවද පරීක්‌ෂා කර ඇත.
එහිදී කොළඹගේ දොන් ඩෙන්සිල් ජයවර්ධන නමැති 43 හැවිරිදි පුද්ගලයා පිළිබඳව රහස්‌ පොලිසිය වෙත සැක මතුවී තිබිණි. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට රහස්‌ පොලිසිය සමත් විය.

නදීශා වරාපිටිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සොහොයුරන් ඇතුළු 14 දෙනකුගේ ලේ සාම්පල් ජින්ටෙක්‌ ආයතනය මඟින් පරීක්‌ෂා කරන ලදී.
එහිදී ජින්ටෙක්‌ ආයතනය ලබාදුන් වාර්තාවේ සඳහන්ව තිබුණේ නදීශාගේ යෝනි මාර්ගයෙන් ලබා ගත් ශුක්‍රාණු කොටස්‌ සහ ඩෙන්සිල් ජයවර්ධනගේ ලේ සාම්පල් සැසඳෙන බවයි.
ඒ අනුව නදීශා වරාපිටිය තරුණිය ඝාතනය කරනු ලැබුවේ ඩෙන්සිල් ජයවර්ධන නමැත්තා විසින් බවට විද්‍යාත්මක සාක්‌ෂිවලින් ද හෙළිදරව් විය.

ඒ අනුව ඩෙන්සිල් ජයවර්ධන නමැත්තාට එරෙහිව මහනුවර මහාධිකරණයෙන් නඩු පැවරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය. නඩු වාර දෙකක්‌ අවසානයේදී සැකකරු මෙම ඝාතනය කළ බවට විද්‍යාත්මක සාක්‌ෂි මත ඔප්පු විය.

අයුතු ඇතුළු වීම්, දූෂණය කිරීම, ඝාතනය කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ ඩෙන්සිල් ජයවර්ධන නමැත්තාට මරණීය දණ්‌ඩනය නියම කරන ලදී.

ඩෙන්සිල් ජයවර්ධන නමැත්තා ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් චෝදනා රැසක්‌ තිබූ අපරාධකරුවෙකි. මොහු 2014 වර්ෂයේ මැයි මස 26 වැනිදා අලුයම බන්නැහැක වලව්වට එහි වහලයෙන් ඇතුළු වී ඇත්තේ මුදල් සහ රන් ආභරණ සොරා ගැනීම සඳහාය. නිවැසියන් ඒ වන විට නින්දේ පසු වූ අතර අපරාධකරු නිවස පුරා ඇවිද ගොස්‌ මුදල් සොයා ඇත.

ඒ අවස්‌ථාවේ නදීශා වරාපිටිය කාමරයක නිදා සිට ඇති අතර නිදි ඇඳුමින් සිටි ඇය කෙරෙහි ඩෙන්සිල් නමැත්තාට ආශාවක්‌ ඇති වී තිබේ. පසුව මොහු නිවසේ තිබූ කුළුගෙඩියකින් නදීශාගේ හිසට පහරදී ඇගේ නිසල සිරුර නිවස අසල ඇළ මාර්ගයක්‌ අසලට රැගෙන ගොස්‌ තිබේ.
එහිදී නදීශා තරුණිය දූෂණය කළ අපරාධකරු පසුව පලා ගොස්‌ තිබිණි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top