ලස්සනට ඉන්න කවුද අකමැති නේද..?
සැලෝන් එකකට යන්න වෙලාවක් හොයාගන්න බැරි අයට ගෙදර ඉදලා ලස්සන වෙන්න පුළුවන් රහස් ටිකක් තමා මේ...
දෙතොල් පැහැපත් කරන්න මී පැණි ස්වල්පයකට ඔලිව් ඔයිල් පොඩ්ඩකුයි සීනී ස්වල්පයකුයි එකතු කරලා දෙතොල්වල ආලේප කරලා බලන්න.. ලස්සන දෙතොලක් අනිවාර්‍යෙන්ම ලැබෙනවා...
ලස්සනට දිලිසෙන නියපෙළකට හැමෝම කැමතියි නේ.. එහෙමනම් කරන්න තියෙන්නේ ටූත් පේස්ට් ටිකක් ගාලා මද වේලාවක් තියලා බ්‍රශ් කරලා සෝදන එක.. හරිම ලස්සන නිය පෙළක් ඔයාට හිමිවෙනවා...
ගෙදරම හදා ගන්න ඇවකාඩෝ ඔයිල් එක්ක පොල් තෙල් එකට මිශ්‍ර කරලා හිසේ ගල්වලා බලන්න.. ඔයාගේ කොන්ඩේ යන එක ඉක්මනින්ම අඩු වෙයි.. ඒ විතරක් නෙමෙයි දිගු කෙස් කළඹක් ඔයාට ලැබෙයි...
කෝමාරිකා මද පොල් තෙල් එක්ක මිශ්‍ර කරලා ඔබේ සමේ තියන ලප කැලැල් මත ආලේප කරලා බලන්නකෝ , ඉක්මනින්ම ලප කැලළි මැකිලා යනවා..
මූණ චුට්ටක් අදුරු පැහැවෙලා නම් කෝපි කුඩු ටිකකට සීනී චුට්ටක් එකතු කරලා මූන ස්ක්‍රබ් කරලා බලන්න.. දීප්තිමත් මූණක් ඔයාට ලැබෙනවා..
මේ වගේ පුංචි පුංචි බියුටි ටිප්ස් ඔයාට ගෙදරදීම කරගන්න පුලුවන්. ඒවාට ලොකු මුදලක් , ලොකු කාලයක් ගත වෙන්නේ නැති නිසා කරන්නත් හරිම පහසුයි...