ආහාරවේලේ පෝෂණ ගුණය ගැන හිතන ඔයා අනිවාර්‍යයෙන ඔබේ ආහාරවේලට කොළ මැල්ලුමක් එකතු කරගන්නවා ඇති.. ඒත් මේ දවස්වල ඒක ඒ තරම් නුවණැති දෙයක් නෙවෙයි.. මේ අහන්නකෝ ඒ කතාව..
මේ වනවිට ඇති වූ ගංවතුර තත්ත්වය පහව ගියද ගංවතුර පැවති ප්‍රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නැයි පෝෂණ විශේෂඥයින් සඳහන් කරනවා...
එමෙන්ම, අධික වර්ෂාව නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්‍ර වී පොළවේ පවතින බවත්, එම නිසා පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම ඉතා අවදානම් බවත්, ඔවුන් පවසනවා...
මේ නිසා වැස්ස සහ ගංවතුර තත්ත්වය අවමවන තෙක් කතුරුමුරුංගා, මුරුංගා වැනි පලා වර්ග පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවටයි සඳහන් කර ඇත්තේ...