Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
02
කට ගඳ ගැසීම සම්පූ‍ර්ණයෙන් නවත්තගන්න මෙන්න මේ දේවල් කරන්න

- කට ගඳ ගැසීම සම්පූ‍ර්ණයෙන් නවත්තගන්න මෙන්න මේ දේවල් කරන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක් අතර දකින්න ලැබෙන, නමුත් කෙනෙක් තවත් කෙනෙක්ට පහසුවෙන් කියන්නෙත් නැති දෙයක්. 


ඇත්තටම මුඛයේ දුර්ගන්ධයක් තියෙනවා කියලා දැනගැනීම ඉතාමත් ලැජ්ජාසහගත දෙයක් ලෙස මිනිස්සු සළකනවා. ඒ වගේම මේක පෙම්වතුන්, විවාහක යුවල අතර ඍජුව නොකීවත් ප්‍රශ්න ඇති වෙන්නත් බොහෝ සෙයින් බලපානවා.

අපි අද ඔබ වෙත ගෙන් එන්නේ මුඛයේ දුඟද ඇති කරන බැක්ටීරියා විනාශ කරමින් දුගඳ නැති කර ගන්න, ඔබට නිවසේ සිටම කරන්න පුලුවන් දේවල් 07ක් ගැන විස්තරයි.

01. ස්වාභාවික Mouthwash සහ Breath Fresheners භාවිතා කරන්න



මින්ට් කොළ මුඛයේ දුඟද නැති කිරීමට උපකාරි වෙනවා. කරාඹු, එනසාල් සහ සූදුරු ආදී කුළු බඩු වලිනුත් මුඛයේ දුර්ගන්ධය නැති වෙනවා. ඔබේ නිවසේ පහසුවෙන් සොයාගන්න හියෙනවා නම් බේකින් සෝඩාත් ඉතාමහොඳ විසඳුමක්. බේකින් සෝඩා මේස හැන්දක් වතුර කෝප්පයක් දිය කරල එමගින් මුඛය සෝදන්න පුලුවන්. එහෙමත් නැත්නම් බේකින් සෝඩා දිය කරන ලද ජලයේ ඔබේ දත් බුරුසුව දාලා එයින් දත් මදින්නත් පුලුවන්. මහදුරු කොළ වලින් සාදන ලද තේ ඉතාම හොඳ බැක්ටීරියා නාශකයක් සහ සගන්ධකාරකයක්. උදෑසනම මේ තේ කෝප්පයක් පානය කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකියි.

02. අවම වශයෙන් දිනකට වතුර ලීටර් දෙකක්වත් පානය කරන්න





ඔබේ ශරීරයේ ජල මට්ටම පවත්වාගෙන යාමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය විශාලයි, මුඛයේ දුර්ගන්ධය නැති වීම එහි එක් අතුරු ඵලයක්. ඛේටය මගින් මුඛය තුල බැක්ටීරියා ක්‍රියාකාරිත්වය පාලනය කරන අතර, ඛේට ග්‍රන්ථි නිසි ලෙස ක්‍රියාත්මක වීමට ජලය අවශය්‍යි. බැක්ටීරියා විනාශ කිරීමටත්, ප්‍රාශ්වාසයේ ඇති දුර්ගන්ධය නැති වීමටත් ජලය අත්‍යාවශයයි. එමෙන්ම, රාත්‍රි නින්දට පෙර පැණි රස දේ පානය කිරීමෙන් වැළකිය යුතුයි, ඒ මගින් බැක්ටීරියා වර්ධනය වීම වැඩි කරනවා.

03. ඔබ ගන්නා ආහාර ගැන සැළකිළිමත් වෙන්න



සමහර ආහාර වර්ග මුඛයේ දුර්ගන්ධය ඇති කරවනවා. ඔබ මුඛයේ දුර්ගන්ධයෙන් පීඩා විඳින කෙනෙක් නම් එවැනි ආහාර වලින් ඈත් වීමයි වඩාත් සුදුසු. මුඛයේ දුර්ගනධය ඇති කරන ආහාර වර්ග අතර ප්‍රධානම දෙකක් වෙන්නේ ලූණු සහ සුදු ලූණු. නමුත් ලූණු ආහාරයට ගැනීමෙන් නම් සම්පූර්ණයෙන් ඈත් වෙන්න එපා, මොකද පර්‍යෙෂණ මගින් ඔප්පු කරලා තියෙනවා ලූණු වලින් දත් දිරායාම වැනි තත්වයන් ඇති කරන විවිධ බැක්ටීරියා වර්ග හතරක් විනාශ කරනවා කියලා. එසේම ෆෘක්ටෝස් සහ අම්ල අඩංගු ආහාර වර්ග වළිනුත් මුඛයේ දුර්ගන්ධය ඇති කරනවා.

බඩගිනි වෙලාවට ඇපල් සහ යෝගට් ආහාරයට ගන්න. ඇපල් වල අඩංගු හෙටරොපොලිසැකරයිඩ් පෙක්ටන් ඛේට ග්‍රන්ථි උත්තේජනය කරනවා, ඒ වගේම යෝගට් වල ඇති ක්‍රියාකාරි බැක්ටීරියාද මුඛයේ අහිතකර බැක්ටීරියා සමඟ සටන් කරනවා.

04. දිව පිරිසිදු කරන්න



ඔබේ දිව දුගඳ ඇති කරන බැක්ටීරියා ගොවිපලක් බවට පත් වෙන්න පුලුවන්. දත් මැද්දාට පසුව බුරුසුවෙන් හෝ ඒ සඳහාම වෙන් වූ උපකරනයකින් දිව මදින්න. අලුත් දත් බුරුසු වල දත් මදින කොටසට විරුද්ධ පැත්ත මීට සුදුසු ලෙස සකසා තිබෙනවා.

05. දත් මුල් ආරක්ෂා කරගන්න



දත් වල කෙළවර ඇති කුඩා ඉඩ අතර ආහාර කොටස් සහ බැක්ටීරියා එකතු වීම මුඛයේ දුර්ගන්ධයට හේතු විය හැකියි. දත් මුල් ආරක්ෂා කරන්න ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කරන්න. ඔබ දුම්පානය කරනවා නම් එයින් ඈත් වෙන්න, මොකද දුම් පානය මගින් ඔබේ දත් මුල් වල ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති කරනවා. ඒ වගේම දුම්පානය මගින් හානි වූ දත් මුල් යථා තත්වයට පත් කිරීමද අපහසු කරවනවා.

06. දවසට දෙවරක් දත් මදින්න



දවසට දෙවරක් විනාඩි දෙක බැගින් දත් මදින්න. එක වරක් හෝ උගුර සෝදන්න. සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ කාන්තාවන්ගෙන් 55%ක් පමණ හා පිරිමින්ගෙන් 49%ක් පමණ විතරයි දවසට දෙවරක් දත්මදින්නේ කියලා.

07. පළතුරු පොත්තක් සපන්න



දෙහි හෝ දොඩම් වර්ගයක පොත්තක් සැපීම මගින් එහි ඇති පැඟිරි සුවඳ හරහා මුඛයේ දුර්ගන්ධය ඉවත් කරනවා වගේම සිට්‍රික් ඇසිඩ් මගින් ඛේට ග්‍රන්ථ ක්‍රියාකාරිත්වය ද උත්තේජනය කරනවා. ඒ මගින් ස්වාභාවිකම දත් දිරායාම සහ මැලියම් ඇති වීමත් වැළකෙනවා.
( අන්තර්ජාලයෙන් )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top