ඒ, “X” සමාජ මාධ්‍යයේ නැතහොත් මීට පෙර “ට්විටර්” සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා...
ඊලොන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ජාලය අත්හියුවා ඇත්තේ බ්‍රසීලයේ ඉහළ උසාවියකින්..
ඒ, බ්‍රසීලය තුළ “X” සමාජ ජාලය දුස්තොරතුරු සන්නිවේදන්‍ය කිරීම හේතු වී බව කියමිනුයි මෙම ක්‍රියාමර්ගය ගෙන ඇත්තේ...
මේ පිළිබඳව එම සමාගම පවසා ඇත්තේ බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා “X” සමාජ ජාලය ''තනිකර බොරු ''යනුවෙන් තීන්දු කිරීම නිසා සමාජ මාධ්‍ය ජාලය අතිහිටුවීමට තීරණය කළ බවයි...
තවද , ඊලොන් මස්ක්ගේ සමාජ මාධ්‍යවලින් වැරදි තොරතුරු සන්නිවේදනය වීම නවතවන බවද එම විනිසුරුවරයා පවසා තිබෙනවා..
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සමාගම “X” සමාජ මාධ්‍ය අත්හිටුවීම සම්බන්ධයෙන් කණගාටුව පළකර ඇති බවයි.