කොහොම වුණත්, ඡවි කල්‍යාණය හෙවත් පැහැපත් සම අඳුරු සමක්, රෝගී සමක් බවට පත් කරනුයේ චර්ම රෝගයි.. ඉතින් මේ තත්ව වලක්වාගන්න දැන් ඔබටම පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
ආහාර හා පාන වර්ග
. තිබහ දැනෙන තුරු නොසිට නිතර ජලය පානය කරන්න. (2.5L - දිනකට)
. හාතවාරිය, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි කොළ කැඳ වර්ග පානය කරන්න.
. බාර්ලි ඇට තැම්බූ වතුර, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි පාන වර්ග භාවිතා කරන්න.
. කුරක්කන් කැඳ, සව් කැඳ පානය කිරීම සහ කිතුල් තලප, කුරක්කන් තලප වැනි දෑ ආහාරයට ගන්න.
. ගොටුකොළ , මුකුණුවැන්න, සාරණ, නිවිති, තෝර, අඟුණ කොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග නිතර ආහාරයට එක්කරගන්න.
. ගස්ලබු, කෙසෙල්, අනෝදා, අලි පේර, පේර, දොඩම් වැනි පලතුරු නිතර ආහාරයට ගන්න.
. නෙල්ලි ,රසකිඳ තැම්බූ වතුර පානය.
. කෘතිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක අඩංගු ආහාර හැකිතාක් අවම කිරීම.
. ඉස්සන්, දැල්ලන්, බල මාළු, කෙලවල්ලන් වැනි උෂ්ණ මාළු වර්ග ද, මාංශ වර්ග ද අවම කිරීම.
. ආහාර පිසීමේදී ව්‍යංජන වලට තක්කාලි එක් නොකර අවශ්‍ය නම් අමුවෙන් සලාද ලෙස ගන්න.
. ආහාරයට සෝස්, විනාකිරි එක්කිරීම අවම කරන්න.
ආලේපන
. විශ්වාසවන්ත ශාකසාරමය ආලේපනයක් මුහුණේ ගැලවීමට තෝරා ගන්න.
. ප්‍රමිතියෙන් තොර,පිටරටින් ගෙන්වන ලද,නොදන්නා ආලේප වර්ග පාවිච්චියෙන් වැළකීම.
. බේබි සබන් වර්ග පමනක් ආලේප කිරීම.
. ෂැම්පු, හෙයා ජෙල්, හෙයා ඩයි භාවිතය අවම කරන්න.
මුහුණුපොත ඇසුරෙන්..