විශේෂයෙන් බිත්තර ලබාගැනීම හරහා ශරිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකි බවට මතයක් බොහෝදෙනෙක් අතර තිබෙනවා.. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් බොහෝ දෙනා බිත්තර ආහාරයට එකතුකරගැනීම කෙරෙහි දක්වන්නේ විශාල බියක්...
ඔබ ඔබේ කොලෙස්ටරෝල් සීමාව තුළ රැඳී සිටී නම්, දිනපතා බිත්තරයක් ලබාදීම ප්‍රශ්නයක් නොවේ.. කොහොම වුණත් දිනපතා බිත්තරයක් ආහාරයට එකතු කරගැනීමෙන් ඔබටත් මේ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්..
බර අඩුවීම
බිත්තරයක් යනු ප්‍රෝටීන් සහ මේදයේ එකතුවක් සහිත ආහාරයක්. දිනපතා පරිභෝජනය කරන විට එය ඔබව දිගු වේලාවක් තෘප්තිමත් කරනවා පමණක් නොව ඔබේ බර අඩු කර ගැනීමටද උපකාරී වනවා.
ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම
බිත්තරයක් යනු ඔබේ දවස ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දෙන මිල අඩු ආහාර වලින් එකක් වගේම එය පහසුවෙන් සාදා ගන්නත් පුළුවන් . බිත්තර කහ මදය තුළ විටමින් ඩී අඩංගු වන අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝගවලින්ද ඉක්මනින් සුවය ලබා ගත හැකියි. ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය විවිධ ඛනිජ ලවණ සහ විටමින් එහි අඩංගු බැවින් එය හොඳ ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ ගොඩනගනවා.
මොළයේ සෞඛ්‍යය වැඩි කරයි
පරිකල්පන ශක්තිය වැඩිදියුණු කරයි
බිත්තර දිනපතා ආහාරයට ගන්නා විට මතක ශක්තිය වැඩිදියුණු වනවා. ඒ බිත්තර සතුව මනසට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වීම හේතුවෙන් . එහි විටමින් B12, B6, Choline සහ Folate පවතිනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ පුද්ගලයෙකුගේ මනෝභාවය සහ මතකය වැඩිදියුණු කරනවා. කාන්තාවකගේ දෛනික නිර්දේශිත කොලීන් අගයෙන් 26% ක් බිත්තරයක අඩංගු බව ද පැවසේ.
අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලය කිරීම
සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල් නිපදවීමේ හැකියාව බිත්තර සතු විශ්මිත ගුණයක්. එමෙන්ම හදවත් රෝග ඇති වීමද බිත්තර ආහාරයට ගැනීම නිසා අවම වනවා.
සම සෞඛ්‍ය සම්පන්න කරයි
සෙලේනියම් සමේ සෞඛ්‍යයේ වැදගත් අංගයක් වන අතර බිත්තර සතුව එම පෝෂණ ගුණය බහුලව පවතිනවා. ඔබ දිනපතා බිත්තරයක් අනුභව කරන විට, එය ඔබේ සම පෝෂණය කරන අතර එය නිරෝගීව තබා ගැනීමටද බෙහෙවින් උපකාරී වනවා..