ඒ වගේමයි, සමහර කාන්තාවන් මේ දිනවලදී සුළු සුළු වේදනාවලට මුහුණ දුන්නත්, බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ ගොඩක් වේදනාවන්ට මුහුණ දෙන අයත් බහුතරයක් ඉන්නවා..
ඔසප් කාල සීමාව තුළ ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව තබා ගන්න උදව් වෙන මේ අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාර ගැන බොහෝ කාන්තාවන් දැනුවත් නැහැ...
ඒ වගේම බොහෝ අය මේ ගැන වැඩි තැකීමක් කරන්නෙත් නැහැ.. කොහොම වුණත්, ඔබගේ ඒ නොසැලකිල්ල ඔබේම ශරීර සෞඛ්‍යට හානි කරනවා... ඒ නිසා නිරෝගී බාවයටත් ගැටලුවකින් තොරව මේ කාලසීමාව ගෙවා දමන්නත් ඔබට ශක්තිය ලබා දෙන මේ පෝෂණයන් මඟ හරින්න එපා..
මේ කියන්න යන්නේ මේ කාල සීමාව තුළදී ඔබ අනිවාර්‍යයෙන්ම ආහාරයට එකතු කරගත් යුතු පෝෂක කොටස් කීපයක් ගැන කතාවක්..
1. විටමින් C
විටමින් C කියන්නේ ඔසප් කාල සීමාව තුළදී ඔබ වැඩි වශයෙන් පරිභෝජනයට එකතු කර ගත යුතු පෝෂ්‍ය පදාර්ථයක්. ඒ මගින් ශරීරයට අවශ්‍ය යකඩ අවශෝෂණය කර ගැනීමට උදව් කරනවා. එය ඔබව දවස පුරාවටම ශක්ති සම්පන්නව හා වෙහෙසකින් තොරව තියන්න හේතු වෙනවා. ඒ නිසා අනෙක් මොන පෝෂ්‍ය පදාර්ථය මඟ හැරියත් විටමින් C අඩංගු ආහාර අමතක කරන්න එපා. දිනපතා දොඩම් යුෂ, ලෙමන් යුෂ වීදුරුවක් පානය කිරීමට හෝ වෙනත් විටමින් C අඩංගු ආහාර පරිභෝජනයට එකතු කරන්න.
2. විටමින් E
ඔපස් වීම ආරම්භ වීමට කලින් ගොඩක් වෙලාවට පෙර නිමිති පහල වෙනවනේ. ගොඩාක් දෙනෙක්ට උදරයේ වේදනාව ඇති වෙනවා. තවත් අයට කකුල් වල වේදනාව, පියයුරු වල වේදනාව වගේ පූර්ව ලක්ෂණ පහල වෙනවා. මේ තත්ත්වයන් ඔසප් චක්‍රය ආරම්භ වෙන්නත් කලින්ම ඔබව අපහසුතාවයට පත් කරනවා නම් එකට හොඳම විසඳුම තමයි විටමින් E කියන්නේ. විටමින් E 12 සහ E 6 යන දෙකම මේ රෝග ලක්ෂණ අවම කරන්න උදවු වෙනවා. විශේෂයෙන් විටමින් E 12 ඌණතාවය ඔසප් කාල සීමාව තුළ බොහෝ විට ඔබව තෙහෙට්ටුවට පත් කරනවා. විටමින් E 12 වලින් පොහොසත් මස්, විශ්ෂයෙන් කුකුළු මස්, කිරි නිෂ්පාදන සහ බිත්තර ඔසප් වීම ආරම්භ වීමට සතියකට පමණ පෙර සිටම ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.
3. විටමින් B
ඔබගේ සමස්ත ප්‍රජනන සෞඛ්‍යම යහපත් කිරීම සහතික කරන්න ඔබ ගන්නා විටමින් B අඩංගු ආහාර වලට පුළුවන්. විටමින් B ඔබේ දත්, අස්ථි හා විශේෂයෙන් මෘදු පටක වර්ධනය කරන්න උදවු වෙනවා. ඔබගේ ගර්භාෂය සහ බිත්ති වලට විටමින් B වලින් ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා.
4. ෆෝලික් ඇසිඩ්
ලොව පුරා කාන්තාවන් මිලියන 469 ක් රක්තහීනතාවය නිසා ඇතිවන රෝගාබාධ වලින් පෙළන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා. ෆෝලික් අම්ලය ඔබේ සිරුරේ යකඩ රඳවා තබා ගැනීම සඳහා, යකඩ අවශෝෂණය කර ගැනීමට, සෛල වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සඳහා උපකාරී වෙනවා. ෆෝලික් ඇසිඩ් බහුල ආහාර ලබා ගැනීම මඟින් රතු රුධිරාණු ප්‍රතිස්ථාපනය කිරීම සහ රක්තහීනතාවයෙන් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. ඒ නිසා තමයි ඔසප් දින වලදී ෆෝලික් අම්ලය බහුල ආහාර ඔබ මඟ නොහැරිය යුත්තේ.
මේ පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු ආහාර වලට අමතරව කැල්සියම්, විටමින් E, විටමින් D ඔමේගා 3 අඩංගු ආහාර කියන්නේ මාස්ශුද්ධිය දිනවලදීත් ඔබව සුව පහසුවෙන් තියන්න උදව්වෙන වැදගත් පෝෂ්‍ය පදාර්ථ.. මේ දේවල් ගැනත් ඔබේ අවදානය යොමු කරොත් හැමදාම වගේ තවත් ඔබට වේදනාවට, අපහසුතාවයට පත් වෙන්න ඕන වෙන්නේ නැහැ...