මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ පව්කාරයන් කිහිප දෙනෙකු නිසා සිදුවුණ ඛේදවාචකයක් ගැන.
ඉන්දියාවේ ගෝවා හී අවුරුදු 5ක් වයසැති දියණියක් දූෂනය කර තිබෙනවා.
මේ සිද්ධියට සම්බන්ධව 22 සහ 24 හැවිරිදි කම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 හැවිරිදි මුරාරි කුමාර් සහ 22 හැවිරිදි අප්නේෂ් කුමාර් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරුවන් දෙදෙනා, දැරිය සහ සිය පවුලේ අය සමඟ නැවතී සිටි ඉදිකිරීම් භූමියේ සේවය කර නැවතී සිටි අතර ඇගේ පියා එම ස්ථානයේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර තිබෙනවා.
දූෂනයට ලක් වූ මෙම දැරිය රෝහල් ගත කර තිබුණත් ඇය ඒ වනවිටත් මෙලොව හැරගොස් සිටි බවට රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.