Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
ඔයාගේ කටටත් ඉබ්බෙක් දාගන්න වෙයි.. රෝග ගොඩකට බෙහෙත් බොනවා නම් මේ ගැනත් විමසිලිමත් වෙන්න..

- ඔයාගේ කටටත් ඉබ්බෙක් දාගන්න වෙයි.. රෝග ගොඩකට බෙහෙත් බොනවා නම් මේ ගැනත් විමසිලිමත් වෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

අපි කවු‍රුත් ලෙඩක් දුකක් හැදෙනවාට බයයි නේ.. ඒ නිසා තමයි ඒ දේවල් වලක්වාගන්න එක එක දේවල් කරන්නේ..

ඒත් ඔබ කරන ඒ හැම දෙයක්ම හොඳින් දැනගෙන කරන එක වටිනවා.. 


මේ කියන්න යන්නේ ඔබට ගොඩක් වටිනා දෙයක්.. විශේෂයෙන්ම රෝගියෙකු විසින් සිදු කරන සමහර ක්‍රියා ඖෂධවල තිබෙන ගුණාත්මකභාවය නැතිවෙන්න හේතුවෙනවා. එවිට සිදුවන්නේ රෝගය සුවවීම පමාවීම සහ වෙනත් සංකූලතා මතුවීමයි. යම් රෝගයකට ඖෂධ ප්‍රතිකාර ගන්නා කාලයේ ආහාරයට නොගත යුතු හෝ ඉතා අඩුවෙන් ගත යුතු ආහාර පිළිබඳව යි මේ කියන්නෙ.

වෛද්‍යවරයාගෙන් මේ දේවල් දැනගන්න

ඔබ යම් රෝගයකට මුල්වරට ඖෂධයක් ගන්නේ නම් ඒවා සමග ගන්නා අනෙක් ඖෂධ හෝ ආහාරපාන ගැන අවබෝධයක් නොමැති නම් ඒ ගැන පළමුවෙන්ම ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් අසා දැනුවත්වීම ඉතාම වැදගත්. එසේ කළ යුත්තේ සමහර ඖෂධවල ගුණාත්මක බව අඩු වැඩි කිරීමට මෙන්ම රෝගය උත්සන්න හෝ සුව කිරීමටද රෝගියා ගන්නා ආහාරපාන සෘජුවම බලපාන නිසයි.

කිරි බොන්න හොඳද?

කිරි සමග ඇතැම් ඖෂධ වර්ග ගැනීම සුදුසු නැහැ. එනම් කිරි සමග සමහර ප්‍රතිජීවක ඖෂධ ගත්විට ඒවායේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා. මෙයට ප්‍රධාන හේතුව කිරිවල අධිකව අන්තර්ගත වී තිබෙන කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණවල බලපෑමයි. එමෙන්ම කිරිවල අඩංගු කේසීන් (Casein) නම් ප්‍රෝටීනය ද මේ සඳහා බලපාන බව සොයාගෙන තිබෙනවා.

වැල්මී

වැල්මී යනු ආහාර ජීර්ණය පහසුවීම සඳහා භාවිත කරන ඖෂධීය වටිනාකමක් සහිත ශාකයක්. වැල්මීවල අඩංගු ග්ලයිසිරයිසින් නම් සංඝටකය නිසා සමහර ඖෂධවල ගුණාත්මකභාවය අඩුවෙනවා. එසේම ගන්නා ඖෂධ අවශෝෂණයට ද බාධා පමුණුවනවා. මෙම බලපෑමට ලක්වන ඖෂධ අතර අවයව බද්ධයකදී බද්ධ කරන ලද නව අවයවය සිරුරෙන් ප්‍රතික්‍ෂේපවීම වැළැක්වීම සඳහා භාවිත කරන ‘සයික්ලොස්පෝරින්’ නම් ඖෂධය ප්‍රධාන ප්‍රධාන තැනක් ගන්නවා.

චොක්ලට් කනවද?

චොකලට් සමග යම් යම් ඖෂධ ගැනීමෙන් ඖෂධයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවෙනවා. නිදිමත ගතිය ඇති කරවන ‘සොල්ෆිඩෙම්’ නම් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාවක් චොක්ලට්වලට තිබෙනවා. එසේම මෙතිල්ෆෙනිඩේට් වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා.

ආතතියට ගන්නා ‘ටොනො ඇමයින් ඔක්සිඩේස්’ නම් ඖෂධ සමග චොක්ලට් ගැනීම සුදුසු නැහැ. එයින් ශරීරයේ රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට පුළුවන්. එසේම යකඩ වැනි ඖෂධයක් චොක්ලට් කෑ විගස ගැනීමෙන් එය ශරීරයට උරා ගැනීමට බාධා ඇතිවෙනවා.

යකඩ පෙති ගන්නවා ද?

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු අයට :්‍යහචදඑයහරදසාසිම* භාවිත කරන ‘ලිවෝතයිරොක්සින්’ :ඛැඩදඑයහරදංසබ* නම් ඖෂධය යකඩ සමග ගැනීම සුදුසු නැහැ. එසේ ගතහොත් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු සහ ඒ සඳහා ඖෂධ ගන්නා රෝගීන්ට බහු විටමින් :ඵ්කඑසඩසඒපසබ* ගැනීමේදී ඒවායේ යකඩ අඩංගු වී තිබේ දැයි සොයා බැලීම ද අත්‍යවශ්‍ය යි.

මත්පැන් බී බෙහෙත් බිව්වොත්

මත්පැන් ගැනීමෙන් අනතුරුව යම් රෝගයකට ඖෂධ ගත්විට එහි ගුණාත්මකබව හා ක්‍රියාකාරිත්වය සිරුරට ලැබෙන්නේ නැත. අධි රුධිර පීඩනය හා හෘදයාබාධ සඳහා ගනු ලබන බොහෝ ඖෂධ මත්පැන් පානය කර තිබෙන අවස්ථාවක ගැනීමෙන් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ ඉතා අල්ප වශයෙන්. මේ හැර සමහර රෝග සඳහා ගන්නා ඖෂධ මත්පැන් පානය කළ විට ගැනීමෙන් රෝගය වැඩිවන බව ද හෙළි වී තිබෙනවා. ඇතැම් විට එය මාරාන්තික තත්ත්වයක් දක්වා වුවද වැඩිවිය හැකියි.

කෝපි බිව්වොත් මොකද වෙන්නේ?

රෝගී අවස්ථාවක ඖෂධ ගන්නා විට කෝපී බීමෙන් විවිධ ගැටලු ඇතිවෙනවා. උදාහරණ ලෙස මානසික රෝගීන්ට නියම කරන ලිතියම් (Methylphenidate) වැනි ඖෂධවල ගුණාත්මකභාවය හා ඒවායේ ක්‍රියාකාරීත්වය කෝපි පානය කර ඒ සමග ගැනීමෙන් අඩුවන බව විද්‍යාත්මකව හෙළි වී තිබෙනවා.

කෝපි පානය කර සමහර ඖෂධ ඒ සමගම ගැනීමෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවන අවස්ථාද තිබෙනවා. එනම් ඇස්ප්‍රින්, එපිනොප්‍රින් හා ඇල්බියුටරෝල් වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා.

පීනසට සහ අධි රුධිර පීඩනයට එකවර බෙහෙත් බොන්න එපා.

කිවිසුම් යාම, පීනස සහ අසාත්මිකතාවලින් පෙලීම වැළැක්වීම සඳහා ඖෂධ තිබෙන අතර අද බොහෝදෙනා වෛද්‍ය උපදෙස් මත ඒවා පාවිච්චි කරනවා.

එහෙත් ඒ අතරට අධිර රුධිර පීඩනය සඳහා ඖෂධ ගන්නා අයද සිටිනවා. පීනස හෝ අසාත්මිකතාවලට ගන්නා ඖෂධ සමග අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන ඖෂධ නොගත යුතුයි. එවිට අධි රුධිර පීඩනයට භාවිත කරන ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. එම පුද්ගලයාගේ හෘද ස්පන්ධන වේගයද වැඩිවිය හැකියි.

වලිප්පුවට බෙහෙත් ගන්නවාද?

වලිප්පුවට නිසි ලෙස ඖෂධ ගැනීමෙන් රෝගය පාලනය කර නිරෝගී දිවියක් ගත කළ හැකියි. වලිප්පුව සඳහා ගන්නා ඖෂධ සමග උපත් පාලන ඖෂධ ගැනීමෙන් උපත් පාලන පෙතිවල ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. එනිසා උපත් පාලන පෙති ගන්නා අතරතුර කාන්තාවක් ගැබ් ගැනීමට පුළුවනි. එසේම උපත් පාලන සමහර ඖෂධ අපස්මාරයට ගන්නා ඖෂධ සමග ගැනීමෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය ඉතාම වැඩි වී දරුණු අතුරු ආබාධ ඇතිවීමට ද ඉඩ තිබෙනවා. එනිසා උපත් පාලන ඖෂධ ගන්නා කාන්තාවක් අපස්මාරය හෙවත් වලිප්පුවට ඖෂධ ගන්නේ නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි.

විටමින් k ගන්නවා නම්

ශරීරයේ නිරෝගීබව සඳහා අද බොහෝදෙනා මල්ටි විටමින් පාවිච්චි කරනවා. මේවායේ විටමින් k අන්තර්ගත නැහැ. හදවත් හෝ වෙනත් අවයව බද්ධයකදී රුධිරය කැටිවීමට තිබෙන අවදානම් තත්ත්වයට ගන්නා වෝෆරින් Warfarin නම් ඖෂධය නියම කරයි. මෙම ඖෂධයෙන් කපාට බද්ධ කිරීමේ සැත්කමින් පසු එම කපාට අවට රුධිර කැටි ගැසීමේ ඇති හැකියාව අවම කරයි. මෙම ඖෂධය රුධිරය කැටී ගැසීමට තුඩු දෙන සාධක තුරන් කරන නිසා හදවත් ලේ කැටි ගැසීමත් එයින් වළක්වයි.

k මගින් රුධිරයේ තනුකබව අඩු වේ. එසේම රුධිර කැටි ඇතිවීමට තිබෙන අවදානමද වැඩි වේ. බ්‍රොකලි, පාස්ලි හා නිවිතිවල අධික ලෙස විටිමන් k අන්තර්ගත යි. මෙම එළවළු ශරීරයට ඉතා හිතකර වුවත් වෝෆරින් වැනි ඖෂධ ගන්නා රෝගීන්ට ඒවා පාරිභෝජනයටදීම එතරම් හිතකර නැහැ.

ජින්සෙන් (Gin Seng)

අද බොහෝ රටවල ජින්සෙන් ශාඛයේ මූලය දියවැඩියාව හා අනෙකුත් පරිවෘත්තිය රෝග සඳහා භාවිතා කරති. මෙම ඖෂධ මූලය මල්ටි විටමින් සඳහා ද යොදා ගන්නවා. ජින්සෙන්වල අඩංගු ඇතැම් සංඝටක මගින් රුධිර කැටී ගැසීම වැළැක්වීම භාවිතා කරන වෝෆරින් නම් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩු කරයි. එසේම හදවත් කපාට බද්ධ කිරීම වැනි තත්ත්වයකට මුහුණ දුන් කෙනෙකුට ඒ සමග ඇස්ප්‍රින්, හෙපරින් හා වේදනා නාශක භාවිත කිරීමට නියම කරයි. එවැන්නෙකුට රුධිරයේ තනුකබව වැඩි වී අභ්‍යන්තර රුධිරවහනයක් පවා ඇතිවිය හැකියි.

මානසික අවපීඩනය හා ආතතිය සඳහා තිබෙන ඇතැම් ඖෂධ වර්ග ජින්සෙන් සමග ගැනීමෙන් ගැටලු ඇතිවෙනවා. එනම් අධික හිසරදය, නින්ද නොයෑම, හිතේ කනස්සලුබව හා අධි ක්‍රියාකාරීත්වය වැනි ගැටලු ඇතිවිය හැකියි.

බෙහෙත් හරියටම ගන්නවාද?

හුඟක් රෝගීන් බෝනොවන හෝ බෝවන රෝගයකට ඖෂධ නියම කළ විට ඖෂධයෙන් වන යහපතට වඩා එයින් ඇතිවිය හැකි අතුරුඵල ගැන සිතා ඖෂධය නිසි ලෙස ගැනීමට මැලිවෙනවා.

එසේම ඖෂධය ගැනීමට නියම කරන ලද වෙලාවට හා කාලපරාසය වෙනුවට බොහෝදෙනා ඖෂධ ගන්නේ තමාට පහසු වෙලාවටයි. නැත්නම් ඒ ගැන මතක් වුණු වෙලාවටයි. මෙසේ ඖෂධ ගැනීමට නියම කරන තිබෙන කාල පරාසයේ නොගැනීමෙන්, ඒ සඳහා වැඩි කාලපරාසයක් තබා ගනීමෙන් ඖෂධයේ ඖෂධීය ගුණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ. නියම කළ මාත්‍රාව නියම කළ කාල පරාසය තුළ ගැනීමෙන් ඖෂධයේ ගුණාත්මක අගය වැඩිවෙයි. රෝගය නිසි ලෙස පාලනයවීම හෝ සුවවීම ඉක්මන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top