Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
07
මොළය බේරගන්න මොළය කල්පනා කරලා වැඩ කරන්න...මෙන්න මේ නිසා ඔයාගේ මොළයත් ලෙඩ වෙන්න පුළුවන්

- මොළය බේරගන්න මොළය කල්පනා කරලා වැඩ කරන්න...මෙන්න මේ නිසා ඔයාගේ මොළයත් ලෙඩ වෙන්න පුළුවන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අපි හැමදෙනාම වගේ ගොඩාක් මහන්සි වෙනවා.


නිරෝගීකම තරම් වටිනා සැපතක් ලෝකයේ තවත් නැහැ. මේ නිසාම තමයි “ආරෝග්‍යා පාරමා ලාභා” යනුවෙන් පැවසෙන්නේ.

ශරීර සෞඛ්‍ය රැක ගැනීමේදී ඔබ වැඩියෙන්ම අවධානය යොමු කරගත යුතු ඉන්ද්‍රීය ඔබේ මොළයයි. ඊට හේතුව, අපේ ශරීරයේ සෑම කාර්යයක්ම පාලනය වන්නේ, සෑම ඉන්ද්‍රියක්ම ක්‍රියා කරවන්නේ අපේ මොළය වීමයි. ඔබේ අයහපත් පුරුදු නිසා මොළයට ක්‍රමයෙන් හානි සිදු වීම ඔබට නොදැනීම සිදු වන්න පුළුවන්. නමුත් තේරුම් යන්න පටන් ගන්නකොට ඔබ ගොඩාක් ප්‍රමාද වැඩියි. ඇස්, කන වැනි ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය, ඔබේ මතකය, බුද්ධිය සහ සමස්ථයක් වශයෙන් ගත් කළ ඔබේ ආයුශ මොළයට හානි සිදු වීම නිසා වේගයෙන් හීන වී යන්නට පුළුවන්.

01.නිසි පරිදි නින්ද නොලැබීම.
මෙය තමයි මොළයට හානි කරන ප්‍රධානතම හේතුව. ඔබේ මොළය හරියට පරිගණකයක් වගේ. එය ඉතාමත් වේගයෙන් දවස පුරා වැඩ කරනවා. එයට විවිකයක් ලැබෙන්නේ නිදා ගන්න විට පමණයි. මොළයේ සෛල අළුත්වැඩියා වෙමින් මොළය නිරෝගීව පවත්වා ගැනීමට සිහින දකින තද නින්දක් අනිවාර්යයෙන් අවශ්‍යයි. වැඩිහිටියෙක් දිනකට පැය 5ක් හෝ 6ක් නිදාගැනීම අවශ්‍ය යැයි පැවසුවත් ඔබේ මොළය නිරෝගීව පවත්වා ගැනීමට නම් පැය 7ක නින්දක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නිදිමරාගෙන වැඩ කරන විටත් එය දරා ගැනීමට ඔබේ මොළයට අපහසුයි.

02.අධික රෝගාතුරව සිටින අවස්ථාවලදී පවා මොළය වෙහෙසවා වැඩ කිරීම.
අපි ලෙඩ වුනාම අපේ ශරීරයේ උෂ්ණත්වය ඇතුළු බොහෝ සාධක වෙනස් වෙනවා. රෝගය සුව කර ගැනීමට සටන් කිරීමට ඔබේ ශරීරයේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් වෙන් කිරීමට මොළය උත්සාහ කරනවා.

මේ නිසා ඔබේ මොළය ඔබ ලෙඩ වූ විට දැඩි පීඩනයකින් සහ වෙහෙසකිනුයි සිටින්නේ. මේ නිසා ඔබ ලෙඩ වුනාම ඔබේ මොළයට හැකි තරම් විවේකය අවශ්‍යයි. එවිට ඔබේ මොළයට පුළුවන් මොළයට හානි වීම අවම කර ගනිමින් ඉතාමත් හොඳින් ලෙඩ රෝග සමඟ සටන් කිරීමට. ඕනෑම ලෙඩක් හැදුනාම Bed Rest කරන්න කියල වෛද්‍යවරු නිර්දේශ කරන්නේ මේ නිසයි.

ඔබ විභාගයක් ලඟ නිසා මහන්සිවෙලා පාඩම් කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ලෙඩ වුනත් නිවාඩු නැති නිසා රැකියාව කරන්න සිදු වෙනවා වෙන්න පුළුවන් හේතුව මොකක් වුනත් හොඳින් මතක තියාගන්න ලෙඩ වෙච්ච වෙලාවට මොළය වෙහෙස කිරීම ඉතාමත් භයානක වැඩක්.

03.දුම් පානය
දුම් පානය කොහොමත් පිළිකා ඇති කරවන නරක පුරුද්දක්. දුම් බීම අපේ ශරීරයේ වර්ධනයන්
වෙනස් කරවනවා. එවිට මොළයට ලැබිය යුතු ශක්තිය නොලැබීම නිසා ඔබේ මොළය ක්‍රමයෙන් හැකිලෙන්න පුළුවන්. ඔබට නිතරම අමතකවන ගතියක් දුම් පානය නිසා ඇති වෙනවා.

04.අධික සීනි පරිභෝජනය.
සීනි කියන්නේ කොයි දේටත් නරකම දෙයක්. අපට ජීවත් වන්න සීනි අත්‍යාවශ්‍ය වුනත් සීනි වැඩි වුනාම සේරම කනපිට හැරිලා යනවා. එය මොළයේ වර්ධනයට සෘජුවම බාධා ඇති කරනවා.

05.අධික උෂ්ණත්වය
අධික උෂ්ණත්වය හමුවේ ඔබේ මොළයේ ධමනි දැඩි වීමට පෙළඹෙනවා. මෙයත් ඔබේ මොළයේ ශක්තිය අඩු කරවන ප්‍රධාන හේතුවක්. ගොඩාක් රස්නෙ තියෙන තැන් වල ගොඩාක් වේලා ඉන්න එක මඟ හරින්න. ඔබ රැකියාව කරන ස්ථානය රස්නෙ වැඩිනම් ඒ ගැන ආයතනයේ කළමණාකාරීත්වයට වහාම දන්වන්න.

06.උදෑසන ආහාරය නොගැනීම.
අධික කාර්ය බහුලත්වය නිසා අද බොහෝ දෙනා උදෑසන ආහාරය මඟ හැරීමට පෙළඹිලා සිටිනවා. එහෙමත් නැතිනම් මොනව හරි පොඩි දෙයක් කඩෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. මේ පුරුද්ද ඔබේ මොළයට හොඳම නැහැ. අපි රාත්‍රී ආහාරය ගත් පසු සාමාන්‍යයෙන් උදෑසන ආහාරය ගන්නේ පැය 12 කට පමණ පස්සේ.

මේ නිසා දිනය පුරා ඔබේ මොළය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් උදෑසන නැගිට්ට ගමන් හොඳ සමබල ආහාර වේලාක් ලබා ගත යුතුයි. උදෑසන ආහාරය මඟ හැරිය හොත් දවල් ආහාරය ලබා ගන්නා තෙක් ඔබ පැය 18 ක්ම බඩගින්නේ ඉන්නෙ. මෙම පුරුද්ද ඔබගේ මොළයේ වර්ධනය හීන කරන අතරම දවස පුරා අපහසුතාවයෙන් වැඩ කිරීම නිසා මොළය තව තවත් වෙහෙසට පත් වෙනවා.

07.හිස ආවරණය කරගෙන නිදා ගැනීම.
නිදා ගෙන සිටින විට ඔබේ මොළයට හොඳින් ඔක්සිජන් ලැබිය යුතුයි. හිස ආවරණය කර නිදා ගැනීමෙන් ඔබ ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයෙහි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එවිට මොළයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ඔක්සිජන් අඩු වීම නිසා ඔබේ මොළය ඉතාමත් ඉක්මනින් වයසට යනවා.

08.වායු දූෂණය.
ඔබ ජීවත් වන වටපිටාව ඉතාමත් නාගරික නම් මෝටර් රථ සහ කාර්මාන්ත වලින් පිටවන විෂ වායු නිසා වාතය අධිකව දූෂණය වී තිබිය හැකියි. එබඳු වටපිටාවක ඔබ ජීවත් වෙනවා නම් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයත් අඩු වී තිබිය හැකි බව මතක තබා ගන්න. අධික කාබන්ඩයොක්සයිඩ් සහ සල්ෆර් සහිත වාතය මොළයට විෂ සහිතයි.

09.අඩුවෙන් කතා කිරීම සහ අඩුවෙන් සිතීම
අඩුවෙන් කතා කරන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වයත් අඩුයි. මේ නිසා හොඳින් මිනිසුන් සමඟ කතා කරනවා නම් ඒවා හොඳ බුද්ධිමත් සංවාද නම් එය ඔබේ මොළයේ වර්ධනයටත් උදව්වක්. හොඳ පරිකල්පන ශක්තියක් ඇති වීමත් ඔබේ මනසේ ක්‍රියාකාරීත්වයට හොඳ පිටුවහලක් වෙනවා.

10.අධික මත් පැන් පානය.
ඔබ පානය කරන මත් පැන් ප්‍රමාණයට සාපේක්ෂව ඔබේ මොළයේ සෛල කොතරම් විනාශ වෙනවාද යන්න ඔබ භාවිතා කරන මත් පැන් ප්‍රමාණය හා එහි සැර (Percentage) අනුව තීරණය වෙනවා.

සාමාන්‍යයෙන් බියර් එකක් බිව්වා කියලා මත් පැන් ටිකක් ඉඳලා හිටලා ගත්ත කියලා ඔබේ මොළයට දැනෙන හානියක් වෙන්නේ නැහැ. නමුත් මත් පැන් නිසා ඔබේ මොළයේ රසායනික සංයුතිය විශාල ලෙස වෙනස් වෙනවා. බිව්වම වෙරි වෙන්නේ මේ හේතුව නිසායි. හොඳට මතක තියාගන්න බීලා වෙරි වෙන තරමට ඔබේ මොළයේ සෛල විනාශ වන ප්‍රමාණය වැඩියි. බොන්න ඇබ්බැහි වෙච්ච අයට නම් මේක බරපතල තත්වයක්.

බීලා වැඩි වෙලා වමනේ දානකොට ශරීරයේ ඇති වන විෂ සහිත සංයෝගයන් මොළයට හානි කර බවත් පැවසෙනවා. බීමත්කම නිසා මරණය පවා ඇතිවන්නේ එම විෂ මොළයට දැඩිව බලපෑ විටයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top