පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාව ඇතුළත් කැබ්නට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබුණා.
එහෙත් 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ සංශෝධන ද කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල, බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.