ඒ මේ දිනවල පවතින උෂ්ණාධික තත්වයත් සමග ජනතාව වැසි බලාපොරොත්තුවෙන් ඉන්නේ.
මේ කියන්න යන්නේ ඒ ගැන සුබ ආරංචියක්.
නැගෙනහිර සහ ඌව පළාත්වලට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට දිනයේදී අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව,නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමු පළාත්වලට මෙන්ම මාතලේ, පොළොන්නරුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රීක්කවලට හෙට වැසි ඇති විය හැකි බව සඳහන්.
මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු-මැද, දකුණ, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලට විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.