මීට වසර 3 කට පෙර කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිණුම් තටාකයට වැටී කෝමා තත්ත්වයට පත්වූ දරුවා පිළිබඳව ඇතැම් විට ඔබට මතක ඇති. එදා පිහිණුම් තටාකයට වැටුණු දරුවා අද වනවිට කබලෙන් ලිපට වැටී ඇති බව රජයෙන් කඩා දැමීමට නියමිත ඔහුගේ නිවසට ගිය අපට දකින්න ලැබුණා.
සසංක ජගත් අල්විස්. කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. කුඩා කළ සිටම ඉගෙනීමට සමතෙක් වූ සසංක අධ්‍යාපන කටයුතුවලට අමතරව බාස්කට්බෝල්, පිහිණුම්, වූෂු වැනි ක්‍රීඩාවල ද නිරත වුණා.
බාලදක්ෂ කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ සසංක පාසල් නර්තන කණ්ඩායමේ ද තම දක්ෂතා පෙන්නූවෙක්.
2012 වසරේ මහනුවර දළදා පෙරහැරේ ගමන්ගත් රාජකීය විද්‍යාලයීය හේවිසි කණ්ඩායමේ ද සාමාජිකයෙක් වීමට ද ඔහු වාසනාවන්ත වුණා.
එතෙක් සතුටින් ගෙවූ සසංකගේ අඳුරු දිවිය උදා වුණේ 2013 වසරේ මාර්තු 02 වැනිදායි.
සසංකගේ මව පුතාට සිදුවූ අනතුර ගැන පැවසුවේ මේ ආකාරයෙන්...
-ඉස්කෝලෙට යනකොට පූල් එක ඇතුලේ ළමයි කවුරුත් නැහැ. ළමයි ටිකක් රංචු ගැහිලා ඉන්නකොට සසංක කෝ කියලා ඇහුවා. ඊට පස්සේ ළමයි ටිකක් බය වුණා වගේ වුණා. සර්ගෙන් කෑ ගහලා ඇහුවා පුතා කෝ කියලා. ඒ පාර කිව්වා එයා පූල් එක යට ඉදලා හොස්පිටල් එකට අරං ගියා කියලා. ඊට පස්සේ මම එතන අඬා වැටෙනකොට සර් ටග් ගාලා ත්‍රිවිලර් එකක දාලා මාව එක්කගෙන ගියා. පුතා පේන්න හිටියේ නැහැ. එයා ප්‍රතිජීවන ඒකකයේ කියලා කිව්වා. එයාට සිහිය මුකුත් නැහැ. මැෂින් හයි කරලා තමයි තිබුණේ. -
අනතුරින් කෝමා තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස 3 යි දවස් 14 ක් ප්‍රතිකාර ලැබූ සසංක ඉන් අනතුරුව රාගම පුනරුත්ථාපන රෝහල වෙත මාරු කර යැවුණා.
පුනරුත්ථාපන රෝහලේ වසර දෙකහමාරක ප්‍රතිකාරවලින් පසුව තරමක සුවය ලැබූ සසංක එතැනින් ගෙන එන්නේ සිය නිවස වෙතයි.
සසංකගේ මව
මම තුන් වතාවක් ම ප්‍රින්සිපල් හම්බවෙන්න ගියා. මට ආදායම් මාර්ගයක් නැහැ. මහත්තයාත් නැහැ කියලා කිව්වා. ප්‍රින්සිපල් කිව්වා හා මම කමිටුවට දාලා මොනවා හරි දෙයක් කරලා දෙන්නම් කියලා මේක පත්තරේ ගියා. ඊට පස්සේ මගේ මල්ලී ගියාට පස්සේ කිව්වාලු තමුසෙලා ඕන දෙයක් මාධ්‍යයෙන් කර ගන්නවා මම මුකුත් කරන්නේ නෑ කියලා. දෙමාපියෝ නම් හොදට බැලුවා, ගවයෝ නිදහස් කළා, බෝධි පූජාවන් තිබ්බා, මාව බලන්න ආවා.
සසංක ඇතුළු පවුලේ සෑම කබලෙන් ලිපට වැටෙන්නේ ඔවුන් ජීවත් වන නිවස සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කඩා දැමීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දීමත් සමගයි.
රෝගීව අසරණව සිටිනා සසංක ඇතුළු සැම මහ පාරට වැටෙන්නට සියළු කටයුතු සිදුවද්දී මනුස්සකම අමතකකරන නෑ පරපුර නිවසට හිමි වන්දි මුදල බෙදා ගන්නේ සසංකගේ මවට සොච්චම් මුදලක් ඉතිරි කරමින්.
සසංකගේ මව
තාත්තාගේ ආදාහන කටයුතු කරන දවසේ තමයි පුතා ඉපදුණේ. මම හොදම ඉස්කෝලෙට දැම්මේ ළමයා හොද පුරවැසියෙක් කරලා හොදට උගන්වන්න. එයා ගිය අවුරුද්දේ තමයි ඕලෙවල් කරන්න හිටියේ. ඒත් කිය කියා හිටියා බය වෙන්න එපා අම්මේ මම ඒ නමයක් අරන් දෙන්නම් අම්මේ. පුතා ඉතිං කිය කියා ඉන්නවා මම ෆයිලට් කෙනෙක් වෙනවා අම්මා බය වෙන්න එපා. හිතුවේ නෑ පුතාට මෙහෙම දෙයක් වෙයි කියලා. හොද පුතෙක් හොදට හදා ගත්ත පුතෙක්.
හැම දුකක්ම විදලා... මම ජනාධිපතිතුමාගෙනුයි, නිවාස සම්බන්ධ ඇමතිතුමාගෙනුයි, අගමැතිතුමාගෙනුයි ඉල්ලන්නේ මට කොහොම හරි නිවහනක් දෙන්න.
කරුණු මෙසේ තිබියදී මෙම නිවාස වලින් ඉවත් වීමට මාර්ග සංවර්ධන අධිකාරිය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.
සසංකගේ හෙට දවස ගෙවන්නේ කොතැනද..?
බලධාරීන් අවධානය යොමු කරන්න.VIDEO