Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
03
ඇමති පාඨලීගේ ජිප් රථයක ගැටුණු බයික් එකෙන් ගිය තරුණයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ - වීඩියෝ

- ඇමති පාඨලීගේ ජිප් රථයක ගැටුණු බයික් එකෙන් ගිය තරුණයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

හප්පලා පැනලා ගියාම කොල්ලො ජිප් එක
පස්සෙන් පන්නලා අල්ලාගත්තලු
ලයිසන් ඉල්ලුවාම "මම චම්පික ඇමැති" වරද
පිලිගන්නවා කීවලු

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පදවාගෙන ගිය ජීප් රථයක ගැටී ගොස් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති පුවතක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජජාල වෙබ් අඩවි ඔස්සේ මෙන්ම රටපුරා පිරිස් අතර කතාබහට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදිද චෝදනා කළා. පොලිසිය සඳහන් කළේ මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි.



කෙසේ නමුත් පසුගිය ඉරිදා වැලිකඩ ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක හැප්පුණු බව කියන මෙම යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයෙකුයි.

ඔහු බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසා සිටින බවටද පුවත්පත්වල තොරතුරු වාර්තා වේ.

අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් ඇති බවටද එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.

එමෙන්ම සිය මිතුරා බැලීම සඳහා උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරටපත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කර ඇත්තේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්‍ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

මේ පිළිබඳව විමල් වීරවංශ දැක්වූ අදහස්...

‘‘ආලාපාලු ඇමතිවරයා තනියෙන් වාහනයක් එළවාගෙන ගිහිල්ලා දෙදෙනෙක් හප්පලා එක තරුණයෙකුට අද ඉතා අසාධ්‍යයයි. නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමක් නැහැ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමක් නැහැ. ඔහු හප්පලා එතන නතර නොකර යන්න ගියා. තරුණයෝ වාහනය පසුපස හඹාගෙන ගිහිල්ලා නතර කරගත්තා. එතකොට තමයි මම අහවල් ඇමති කියලා බැස්සේ. විශාල සහිතකයක් තියලා එතනින් කොහොම හරි  ගැලවිලා ගියා. ඇමතිවරයෙකුට පුළුවන් නම් වාහනය එළවාගෙන ගිහිල්ලා ඕන තරුණයෙක් යටකරගෙන ආරක්ෂා වෙන්න මොකක්ද මේ රටේ නීතිය. හිරුණිකාටත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ආලාපාලු ඇමතිතුමාටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.‘‘

ජිප් එකේ හැප්පුණු තරුණයා ගැන ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්

මෙහි සම්පූර්ණ විස්තරය ඇතුලත් වීඩියෝව පහතින්.....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top