පුද්ගලයන් 162 සමඟ ජාවා මුහුදේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ නියමුවා ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් අවසන් වරට කළ ඉල්ලීම හෙළිදරව් වී තිබෙනවා.
ගුවන් යානය තවත් ඉහළට එසවීමට ඔහු ඉල්ලා ඇති අතර ඊට පාලක මධ්‍යස්ථානයෙන් අනුමැතිය ලබාදී ඇති බව සදහන්. එහෙත් ඉන් විනාඩි දෙක තුනකට පසු එයාර් බස් යානය අතුරුදන් වූ බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ අතර, ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු සඳහා ඇමරිකාවෙන් ද ආධාර ඉල්ලා තිබෙනවා. තවද අතුරුදන් වූ ගුවන් යානයේ නියමුවාගේ දියණිය විසින් ඔහුට යොමු කල හද කම්පාවන පණිවුඩයක් පිළිබඳව වාර්තා වනවා. ‘‘Papa come back. I still need you. Return my papa to me. Papa come back, we have to meet.” ලෙස ඇය සඳහන් කර තිබෙනවා.
සිය පියාගේ රූපයක්ද සමඟින් ඇය මෙම පණිවුඩය පලකර ඇති අතර ඇය තවමත් පාසැල් වියේ පසුවෙයි.
හදිසියේ අතුරුදන් වූ මෙම යානය අතුරුදන් වීමට සුළු වේලාවකට ප්‍රථම අදාළ ගුවන් යානය අඩි 32,000ක් ඉහළ අහසේ පියාසර කර ඇති අතර ගුවන් පථය පැහැදිලි නොමැති බැවින් එය අඩි 38,000ක් ඉහළින් පියාසර කරවීමට අවසර ඉල්ලා ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය ඊයේ (29) වාර්තා කළේ ය.