පසුගිය දිනයන් වල කතාබහට ලක්කෙරුණු ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය නිසා මුළු බුකියම ගිණියම් වුණා.
හුඟ දෙනෙකු කතාකලේ පැමිණි සිටින නිළියන් සහ නිරූපිකාවන්ගේ ඇඳුම් විලාසිතා ගැනයි.
මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ තවමත් යම් රාවයක් පැතිරෙනවා.
ඇඳුම් ගැන පියුමි හංසමාලි , ටීනා ෂනෙල් ඇතුළු පිරිසකට මෙම විවේචන එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් එල්ල වන විවේචන වලට පිළිතුරු දෙන්න පියුමි අමතක කළේ නැහැ.
ඇය මේ සම්බන්ධයෙන් තවත් අලුත් සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.
එනම් මීලඟ රාජකීය උපන්දින සාදය සඳහා තවත් සිය ශරීරය පෙනෙන ඇඳුමක් ඇඳගෙන එන්න දැන් තියාම ඇය ලෑස්ති වී සිටින බව දැනුම් දෙමින්.