Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
09
"මාත් ඉන්නේ කතා කරනකම් මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ " විල්සන් කරූ කියන කතාව - Photos

- "මාත් ඉන්නේ කතා කරනකම් මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ " විල්සන් කරූ කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

"කරපු වැඩෙන් අවනඩුවක් තමයි ඔළුවට පාත් වුණේ"

"එළියට ඇවිත් අපේ අම්මා මගේ මූණ බලන්නෙත් නැහැ"

මේ දිනවල Youtube ඔස්සේ ජනප්‍රියවූ මියුසික් වීඩියෝවක් නිසා  ප්‍රේක්‍ෂක ජනතාව අතර වැඩි ලෙස කතාබහට ලක්වෙන චරිතයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න කියන්නේ.

ඔහු 70 සහ 80 දශකවල ස්වර්ණමය වූ සිංහල සිනමාවේ වීරයන් කොතරම් හිටියත් ඒ වීරයන්ව පරාජය කරපු දුෂ්ටයෙකුගේ චරිතය රඟපෑ දක්ෂ නළුවෙක්.

විල්සන් කරුණාරත්න කියන සිංහල සිනමාවේ වීරයා ගැන අප අපේ කලාවට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.


එම මියුසික් වීඩියෝව අපේ රටේ ප්‍රවීණ කලාකරුවකුගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූවක් ලෙස සමාජයේ විශාල දෝෂාරෝපණයක් එල්ල වුණා.

සිංහල සිනමාවේ වැජඹුන මෙවැනි ප්‍රවීණයෙක් මෙවැනි රූපරාමුවකට පෙනීසිටියේ ඇයිද යන්න එක්තරා පුවත්පත් වෙබ් අඩවියක සංවාදයකට එක්වෙමින් එල්ලවෙන දෝෂාරෝපණවලට ඔහු පිලිතුරු දී තිබුණා. එම සටහන පහතින්

ඉතින් කොහොමද?
අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?....

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?
අප්පේ අර මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?
ඇත්තටම ඔය වීඩියෝ එක ප්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ.  මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඔහු තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා. මට කතාකළාම එතනට යනකම් මේක ඔහු කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. රූගතකිරීම් කරන කොට මමත් මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා.  ඔහු කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?
බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා. ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා  ඔහු කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ. මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

මේ මියුසික් වීඩියෝ එක ප්‍රචාරය වුණාට පස්සේ ඔය කියන ගායන ශිල්පියා ඔබට කතා කළාද?
අපෝ තවම කතා කළේ නැහැ. නමුත් මම රඟපාන්නේ ඒ චරිතය කියලා බොහෝ පිරිස දෝෂාරෝපණය කරනවා.

රඟපානකොට මේ අපේ කාලයේ ගායකයකුගෙ ඇත්ත ජීවිත කතාවේ නිර්මාණයක් කියලා දැන දැනම රංගනයේ යෙදුණේ ලොකු මුදලක් ලැබුණ නිසාද?
ඕක මම කාටවත් මඩ ගහන්න කරන දෙයක් නෙමෙයි කියලා එකහෙලාම කියද්දී මම වාද කරන්න ගියේ නැහැ. මම ජීවිතේ පළමු වතාවට තමයි මියුසික් වීඩියෝ එකක රඟපෑවේ. කරපු පළමු එකෙන්ම අවනඩුවක් තමයි ඔළුවට පාත් වුණේ. ඇත්තටම මම ලොකු මුදලක් ගත්තේ නැහැ. ඔහුගේ තාත්තා නිසා තමයි මම මේකට දායකවුණේ. මේ තරම් අවනඩුවක් වෙනවා කියලා දන්නවනම් ඇත්තමයි මම ලොකු මුදලක් ඉල්ලනවා.

වීඩියෝ එක ප්‍රචාරය වුණාට පස්සේ ඔහු ඔබට කතාකළාද?
නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් ‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’ කියලා අහන්න. වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

සිනමාවේ වීරයෙක් වුණ ඔබ මේ වගේ මල් සින්දු වීඩියෝවල රඟපාන තත්ත්වයට පත්වුණේ කලා කටයුතු ලැබෙනවා අඩුද?
ඔව්. දැන් අපිට වැඩ ලැබෙන්නේ නැහැනේ. අපිත් ජීවත්වෙන්න එපැයි. අනික් එක දැන් හදන ටෙලිනාට්‍යවල චරිත පුස් චරිත. මම ඒවට කැමති නැහැ.

හැත්තෑව අසූව දශකවල ස්වර්ණමය සිංහල සිනමාවේ සටන් කලාවේ ප්‍රතිවීරයා වුණේ ඔබ?
ඇත්තටම මම මුලින්ම රංගනයට ආවේ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයෙන්. රොබින් අයියගෙත්, ගාමිණි ෆොන්සේකගෙත් ෆයිට් එකක් දැකලා තමයි මටත් චිත්‍රපටයක වීරයෙක් වෙන්න හිතුනේ. රොබින් අයියා ඉස්සර අපේ ගෙදර ළඟ තිබුණ දේවාලෙට එනවා. මම පිට්ටනියේ සෙල්ලම් කරනකොට රොබින් අයියා දැක්කොත් දුවලා ගිහින් අනේ මටත් පොඩි අවස්ථාවක් දෙන්නකෝ කියලා ඉල්ලනවා. ආ හරි හරි කියලා පිටට තට්ටුවක් දාලා රොබින් අයියා යනවා. මෙහෙම තමයි රොබින් අයියා ඉතින් මට පොඩි අවස්ථාවක් අරගෙන දුන්නේ. මාවනැල්ලේ රබර් වත්තක තමයි එහි රූගතකිරීම් තිබුණේ. ඒ චිත්‍රපටයේ මම රොබින් අයියව මැරුවා. මම මුලින්ම මිනීමරුවෙක් වෙලා තමයි සිනමාට ආවේ.

එදා කරු අයියාගේ නළු පිවිසුමට ගෙදරින් ලැබුණ ප්‍රතිචාරය කොහොමද?
මගේ පළවෙනි චිත්‍රපටය මම බලන්න ගියේ මගේ අම්මා එක්ක. ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටය බලලා එළියට ඇවිත් අපේ අම්මා මගේ මූණ බලන්නෙත් නැහැ. කතාකරන්නෙත් නැහැ. මම ඒ චිත්‍රපටයේ රොබින් අයියව අන්තිමට පිහියෙන් ඇනලා මරණවා. අම්මට ඒකට තරහා ගියා. මම කිව්වා අම්මෙ ඉතින් මේක රඟපෑමක්නේ කියලා. ඒ වුණාට චිත්‍රපටයකත් උඹ මිනීමරු වැඩ නම් කරන්න එපා කියලා මට නොසෑහෙන්න බැන්නා. අම්මගේ පළමු විවේචනයෙන්ම මට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම එදා හිතුවා.

චිත්‍රපටි 260ක දුෂ්ඨයා වුණු ඔබ ඇත්ත ජීවිතේ කොහොම කෙනෙක්ද?
ඇත්ත ජීවිතේ අම්මාගේ ආදරේ එක්ක හැදුණු සාමාන්‍යය මිනිහෙක් මම. වචනයකින්වත් කාගෙවත් හිත රිද්දලා නැහැ.

සිනමාවේ වැඩියෙන්ම ගුටිකාපු නළුවා ඔබ කිව්වොත් මම හරිද?
ඇත්තටම ඔව්. මම විජේ, රොබින්, ජීවන්, ගාමිණි ඇතුළු ප්‍රධාන නළුවෝ සියලූම දෙනා එක්ක සටන් ජවනිකා කරලා තියෙනවා. සිනමාවේ මම දැකපු සටන් කරන්න දක්ෂයෝ දෙන්නයි ඉන්නේ. ඒ තමයි රොබින් සහ ගාමිණී. මට මතකයි කිවුලේගෙදර මොහොට්ටාලගේ චරිතේ කරද්දී ගාලූ කොටුවේ ඉඳලා පහළට පනින්න තිබුණා. මාව වැටුණේ කුෂන් එක උඩට නෙමෙයි. වැටිලා කොන්ද කැඩිලා මාස හයක් මම බෙහෙත් ඔරුවකත් හිටියා. සිනමාව වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මම ඒ රැකගෙන ආපු ගෞරවය මියුසික් වීඩියෝ එකක් නිසා හානි වුණ එක ගැන හිතේ ලොකු කණගාටුවක් තියෙනවා.

චිත්‍රපටි රාශියක රඟපාගෙන ඉස්සරහට එනකොට ඔය හිතට කාවැදුන ආදරයක් තිබුණෙම නැද්ද?
ආදරයක් නොදැනුනාම නෙවෙයි. ඒත් මගේ සහෝදරයෝ බැඳලා දරුවො හදාගන්න කොට මට ඕන වුණේ මැරෙනකම් අම්මයි තාත්තවයි බලාගන්න. දැන් අම්මයි, තාත්තයි ජීවතුන් අතර නැහැ. ඒත් මම කසාද බැන්දේ නැහැ කියලා ජීවිතේ කිසිම දුකක් නැහැ. මම ජීවත් වෙන්නේ හරිම සැහැල්ලූවෙන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top