ඒ අතරේ බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 8 ක පුංචි දැරියක් පහුගිය කාලය පුරාම රෝහලක ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නිතර වුණා.
ඇය Saffie Roussos.
කෙසේ වෙතත් මේ පුංචි දැරියට පසුගියදා සදහටම මේ ලෝකෙ දාලා යන්න වුණා.. මේ පුවත ලොව පුරා බොහෝ දෙනෙකුගේ ඇසට කඳුලක් එක් කළා.
Ariana Grande ගේ හොඳම රසිකාවියක් වුණු Saffie මේ සංගීත සංදර්ශනය බලන්න ගිහින් තිබුණෙ සිය සහෝදරිය සහ මවත් සමගයි. නොසිතූ මොහොතේ එල්ල වූ මේ ප්‍රහාරයෙන් Saffie මෙන්ම ඇයගේ සහෝදරියත් මවත් තුවාල ලැබුවා.
නමුත් ඇයගේ මවත් සහෝදරියත් තව කාලයක් ජීවත් වන්නට වාසනාව ලැබුවද Saffie ට මේ ලෝකේ දාලා යන්න වුණා.
මේ ප්‍රහාරයෙන් මියගිය අවසාන සහ කුඩාම දැරියද ඇය බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
සැමගේ නෙතඟට කඳුලක් එක් කළ මේ පුංචි දියණිය රෝස මලින් සැරසූ මිනී පෙට්ටියක් මත නිසලව වැතිර ඊයේ අවසන් ගමන් ගියා.
ඇගේ නමත් ‘‘රෝස්“ වන නිසා බොහෝ දෙනෙකු ඇයට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේ රෝස මල්ද අතැතිවයි.
Saffie මියගොස් දින කිහිපයක් ගතවුවද ඇගේ මව සුවය ලබා එනතුරු අවසන් කටයුතු පමා කරන්නටත් පවුලේ ඥාතින් කටයුතු කර තිබුණා.