දසුන් නිශාන් කියන්නේ රංගනයට නවකයෙක්. නමුත් ඔහුගේ රගපෑමට බොහෝ දෙනා ඇලුම් කරනවා. මේ දිනවල හිරු ටී.වී ඔස්සේ විකාශය වෙන "කවුරුන්ද නුඹ මගේ" ටෙලි නාට්‍යයේ මනුරංගගේ චරිතයටද ඔහු සම්බන්ධ වෙනවා. දසුන්ගේ නවතම තොරතුරුයි මේ...
දසුන් කාර්යබහුලයි වගේ?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.
ඔච්චර කාර්යබහුල වෙන හේතුවත් කියමු?
මේ දවස්වල 'කවුරුන්ද නුඹ මගේ කියන නාට්‍ය විකාශය වෙනවා. ඒ නිර්මාණ එක්ක කාර්යබහුල වෙලා හිටියා.
දැන් දසුන් වැඩිපුර පේන්න ඉන්නේ වැඩියෙන් වැඩ ලැබෙන නිසාද?
වැඩ කරන්න ගත්ත දවසේ ඉඳන්ම මට ඉල්ලුම තිබුණා. මම හිමින් ගමනක් යන්න කැමැතියි. එක වතාවකට එක නාට්‍යයයි මම කරන්නේ. නමුත් හිතුවේ නැති විදියට නාට්‍ය තුනක් එකපාර විකාශය වෙන්න ගත්තා. ඒකෙන් වාසියකුත් වෙන්න පුළුවන්, අවාසියකුත් වෙන්න පුළුවන්.
වැඩි නිර්මාණ ප්‍රමාණයක එක පාර පේන්න ඉද්දී දසුන්ට ඔය තියෙනවා කියන වාසියි - අවාසියි මොනවද?
වාසිය තමයි ජනප්‍රියතාව වැඩි වෙන එක. හැබැයි වැඩිපුර පේන්න හිටියම මිනිසුන්ට එපා වෙන්නත් පුළුවන්.
සමහරු නම් නිතර පේන්න ඉන්න කැමැතියි. දසුන්ට හැම නාළිකාවෙම නිතරම පේන්න ඉන්න වුවමනාවක් නැද්ද?
මම වැඩිය පේන්න ඉන්න කැමැති නැහැ. මම කැමැති පාඩුවේ ඉන්න. කලාව වෘත්තිය විදියට තෝරා ගත්තට කැපී පෙනෙන චරිතයක් වෙන්න මම කැමැති නැහැ.
මේ දවස්වල වැඩිපුර පේන නිසා ප්‍රතිචාරත් වැඩි ඇති?
කොහේ ගියත් මට ප්‍රතිචාර තියෙනවා. දැන් ගොඩක් අය අහනවා වැඩිපුර පේන්න ඉන්නවා නේද කියලා... වැඩිපුර පේන එකේ වරදක් නැහැ. හැබැයි ඉතින් අපි වැඩිපුර පේන්න ඉද්දීත් අගයක් නැති වෙනවා තමයි.
දසුන් එකට වැඩ කරන්න කැමැති රංගන ශිල්පිනියන් කවුද?
මම එකට වැඩ කරන්න ආසම රංගන ශිල්පිනියන් දෙන්නෙක් ඉන්නවා. ඒ දිනක්‍ෂි සහ ශලිනි.
ක්‍ෂේත්‍රයේ ආදර සම්බන්ධතා ගොඩනැඟෙන ඇයිහොඳයියක් දසුන්ට ඇතිවෙලාම නැද්ද?
මම හැමෝම එක්ක ආශ්‍රය කරනවා. හැබැයි ප්‍රේම සම්බන්ධතා තරම් දුරදිග ගිය ඇයිහොඳයියක් නම් නැහැ.
හැබැයි කොහේ හරි හිතගියපු කෙනෙක් ඇතිනේ?
හිත ගියපු කෙනෙක් ඉන්නවා. ඒ හිත ගියපු තැන හිත දන්නවා.
ඒ කියන්නේ දසුන් ඉදිරියේදී සිනමාවෙනුත් දිගටම දකින්න ලැබෙයි?
රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියකගේ අවසාන අරමුණ තමයි සිනමාවට යන එක. කෙනෙක්ට කෙළින්ම සිනමාවට ප්‍රවිශ්ට වෙන්න අමාරුයි. මමත් පුංචි තිරයට ආවේ සිනමාවට යන්නත් බලාපොරොත්තුවෙන්. ඉතින් මට වැඩ පෙන්වන්න පුංචි තිරය මුලින්ම හොඳයි කියලා හිතුවා.
සිනමාවේ මාකට් එකක් හදාගෙන ඉන්න රොෂාන්, හේමාල්ගේ තැන දසුන්ටත් හදාගන්න පුළුවන්ද?
ඒකට තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්ම දවසක මම ඒ තැන හදාගන්නවා.
ගේමක් දෙන්නද ලෑස්ති වෙන්නේ?
මම මේ වෙනකල් කාටවත් ගේම් දීලත් නැහැ. ගේම් දෙන්නෙත් නැහැ. විවිධ පරාසවල රංගන ශිල්පීන් ක්‍ෂේත්‍රයට බිහිවෙන්න ඕන. එතකොටයි ක්‍ෂේත්‍රය දියුණු වෙන්නේ. අලුත් දේවල් නිර්මාණය වෙන්නේ.
වේදිකා නාට්‍යවලට ආයෙත් සම්බන්ධ වුණේ නැද්ද?
දමයන්ති ෆොන්සේකාගේ ගාස්තුව කීයද? වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණා. වේදිකාවට ආසයි. නමුත් කාර්ය බහුලත්වය එක්ක අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බැරි වුණා. හොඳ අවස්ථාවක් ලැබුණොත් හැමදේම පැත්තකින් තියලා වේදිකා නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.