සමාජ ජාල වෙබ් අඩවි මගින් තරුණ තරුණියන් කණ්ඩායම් හදාගෙන එකතුවෙන්න පුදුම දක්ෂතාවයක්නේ දක්වන්නේ.
ඉතින් අන්න ඒ වගේ තරුණ තරුණියන් පිරිසක් Facebook මගින් එකතුවෙලා සංවිධානය කරපු අමුතු ආකාරයේ සාදයක් පිළිබඳව ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.
එම සාදයට ඇතුලත් වෙන්න රුපියල් 1500ක් මුදලකුත් අරන් තියෙනවා.
සාදයට පැමිණිලා තියෙන අවුරුදු 25 ට අඩු තරුණයන් 05 දෙනෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ වගේම එම වයසේ සිටින තරුණ තරුණියන් දහසකට ධික පිරිසක් මේ සාදයට සහභාගිවෙලා ඇති බවයි වාර්තාවන්නේ.
සුරාබදු නිලධාරින් එම ස්ථානයට යනවිට තරුණ තරුණියන් අධික ලෙස මත්පැන් භාවිත කරමින් සහ අධික ශබ්ධයෙන් යුතුව සංගීතය අසමින් සාදයේදී විනෝදවෙලා.
උපාය දූතයන් ලෙස වෙස්වලාගත් සුරාබදු නිලධාරින් විසිනුයි මෙම වැටලීම කර ඇත්තේ.
මත්පැන්, ගංජා සහ මත්ගුලි භාවිත කරමින් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන් සාදයට සහභාගිවී ඇති බව සඳහන්.
එම සාදය පුරාම තරුණ පිරිස මත් පැන්, මත්ගුලි සහ ගංජා භාවිත කරමින් සිට ඇති අතර ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති බවද වර්තාවේ.
අත්අඩංගුවට ගත් තරුණයන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.