ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින්..
ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත්වීමට සිදුවෙයි...
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින් වන අතර ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය වනවා.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවුණා.
ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත්වූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.