Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අධ්‍යක්ෂකවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමේ උත්සහයක් පවතිනවලු...
"අපිව කඩේ අරිනවා ඇයි මුන් අපිට සල්ලිදෙන්නේ නැත්තේ"

ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස්ගතවීමේ උත්සහයක් පවතින බවයි.

ETI තැන්පත්කරුවන් දැනුවත් කිරීම සදහා වන සම්මන්ත්‍රනයක් අද පෙරවරුවේ ජාතික පුස්තකාල ප්‍රලේඛන ආයතනයේ පැවැත්වුණා.
views232 Views
comment
ඝාතනය කර තිබුණේ 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්ව.
ත්‍රිරෝද රථවලින් පැමිණි සැකකරුවන් ඔහුව පැහැර ගෙන ගිහින්..

රත්නපුර - ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට ආසන්න පිරිසක් මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණේ අදාළ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

මොහු ෆාම්ගාඞ්න් වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් අලෙවියට එරෙහිව කටයුතු කළ අයෙකු වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පිරිසක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
views227 Views
comment
"ආරාධනාවක් ලැබුනොත් සුබවාදී පිළිතුරක් දෙන්න මම ලෑස්තියි"
"ගත්ත තීරණය ගැන දැන් පසුතැවෙනවා"

තවදුරටත් කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව තිබියදීත් විශ්‍රාම ගැනීම පිළිබඳ කණගාටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

අද පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායමට තමන්ගෙන් සහයෝගයක් අවශ්‍යනම් ඒ සඳහා තමන් සූදානම් බවයි.
views288 Views
comment
නිදහස් කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර වයිට් හෙවන් හෝටලයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා කලාකරුවන්,  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල් පීරිස් ඇතුලු දේශපාලන නායකයින් රැසක් සහභාගී වී සිටියා.
views391 Views
comment
රොනී ලීච් කියන්නේ හැමෝම ආදරේ කරන චරිතයක්. ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදිහට දක්ෂතා දක්වන ඔහු පසුගිය ඉරිදා හිරු කොපි චැට් වැඩසටහනට සම්බන්ධ වුණා.
 
එහිදී ඔහුට වුනු අකරතැබ්බයක් ගැන මතක් කළේ පැමිණ සිටි සියල්ලන්ව සිනහ ගන්වමිනුයි. ඔහුට වුනු අකරතැබ්බය ඒ මොහොතේ මතක් කළේ ප්‍රවීන ගායන ශිල්පී ඇලස්ලි මාලේවලයි. එහි වීඩියෝව පහතින්
views495 Views
comment
ගුවන් යානයේ පීඩන ස්විචය ක්‍රියාත්මක කිරීමට නියමුවන්ට අමතක වීම හේතුවෙන්, ඉන්දීය මගීන් තිස්දෙනෙකුට වැඩි පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව නිලධාරීහු පවසනවා. 
 
මුම්බායි සිට ජායිපුර් දක්වා පියාසර කිරීමට නියමිත තිබූ ජෙට් ගුවන් සේවයට අයත් 9W 697 යානය මේ හේතුවෙන් ගුවන්ගත වීමෙන් සුළු මොහොතකින් ආපසු ගොඩබැස්සවීමට සිදුවී තිබෙනවා.
views260 Views
comment
"අමුතුවෙන් කියන්න ඕනේ නෑ දුර්වලතා මොනාද කියලා"
"මම ආවේ ක්‍රිකට් ගහන්න මම බෝඩ් එකේ වැඩකරන කෙනෙක් නෙමෙයි"

ආසියානු කුසලානයේදී මුලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පරාජවීම නිසා තරඟාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (19) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා.  

කටුනායක ගුවන්තොටුපලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් ලසිත් මාලිංග පැවසුවේ පරාජය ගැන දුක් වන බවයි.
views265 Views
comment
සුපිරි ඉන්දීය නළු සල්මාන් ඛාන් විවාහ ගිවිසගත් පුවත මේ වනවිට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතිනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ සලමාන්ගේ අතගත් යුවතිය කලක් සල්මාන් ගේ පෙම්වතිය වූ කත්‍රිනා බවයි.

මෙලෙස ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇති බවට පැතිර යාමට හේතුවී ඇත්තේ කත්‍රිනා සහ සල්මාන්ගේ මව එකට සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වීමයි.

එහි කත්‍රිනා මංගල ඇඳුමකින් සැරසී සිටින අතර එම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ රසිකයෙන්  “Saas Bahu goals! ලෙස සිය ට්විටර් ගිණුම තුළ සටහනක් තබා තිබීම සහ සල්මාන්ගේ නැඟණිය අර්ෆිතා ඛාන් එයට ප්‍රතිචාර දක්වා තිබීම හේතුවෙන් එම ප්‍රකාශය තවදුරටත් තහවුරු කර තිබෙනවා.
views292 Views
comment
බෙවර්ලි හිල්ස් හි පිහිටි මන්දිරයත් විකුණන්න කියලා.....
වරින් වර පැවැත්වුණු සාදවලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජයටම තිබිලා..

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා ජීවිතය අඳුරු කර ගත් ජනප්‍රිය නිළියක සහ ගායිකාවක වන ඩෙමි ලොවැටෝ පසුගිය ජූලි මාසයේ සිට තවමත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

දැන් ඇය ප්‍රතිකාර ලබන්නේ ඇරිසෝනා සහ චිකාගෝ ප්‍රදේශවල පිහිටි මානසික රෝගීන්ට වෙන්වූ රෝහල්වලින්.

පසුගිය ජූලි 24 දා හදිසියේ අසනීප වීම නිසා ඇයව ලොස් ඇන්ජලීස් නුවර වෛද්‍ය මධ්‍යස්ථානකට ඇතුළත් කිරීමෙන් පසුව, ඇයට හදිසි ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු යුහුසුලු වුණා.
views286 Views
comment
ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝග තත්ත්වයකින් පීඩා විඳිනවලු....
ඔහු මූර්ති නිර්මාණ ශිල්පය සහ කැටයම් ශිල්පයද ප්‍රගුණ කළ අයෙක්...

මෙරට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කේ.ඒ. පියකරු කලාකරුවා තම රෝගී තත්ත්වයන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී මූල්‍යමය දුෂ්කරතාවන්ට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

78 හැවිරිදි වියේ පසුවන මොහු දැනට මාස 10 ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝග තත්ත්වයකින් පීඩා විඳින බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
views864 Views
comment
රාජකීය උපන්දින සාදයක් පවත්වා  පසුගිය සමයේ සමාජයේ කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට කෝට්ටේ රජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් යම් පහරදීමක් සිදුකර එළවා දමා ඇති බවට වාර්තා වෙනවා.

මෙම පහරදීමට හේතු වී ඇත්තේ චන්දිමාල් විසින් කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කතරගම් දේවාලයේ බස්නායක තනතුර ලබා ගැනීමට විහාරාධිපති හිමියන්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම බවයි සදහන් වෙන්නේ.
views429 Views
comment
"ඔය බයින් අැන්ඩ් සෙලින් කාරයො ටික ඉන්‍නකං අපි මැච් දිනන්නෙ නං නෑ"
"උෟ ගාන ගහන්නෙ උගෙ ප්ලේස් එක තියා ගන්නයි"

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ දරුණු පරාජය පිළිබඳව සමාජයෙන් දැඩි විවේචනයක් එල්ලවෙමින් පවතිනවා.

මේ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතුල සමරසේකර සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ චන්දික හතුරුසිංහ නොව කවුරු පුහුණුකරු ලෙස ක්‍රියා කලත් මුදලට තරඟ පාවා දෙන ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කල නොහැකි බවයි.
views558 Views
comment
"අපිට මලාවි යන්න ලොකු අවශ්‍යතාවක් තිබුනත් සල්ලි තිබුනේ නැහැ.."

" මාව ලංකාවට ගෙනාවට පස්සේ එයාට ගොඩක් ප්‍රශ්න ආවා.."

ශ්‍රී ලංකාව වසර 09 කට පසුව ආසියානු දැල්පන්දු කිරුළ දිනාගැනීමට සමත් වූයේ සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස සිංගප්පූරුවේදීම පරාජයට පත් කරමිනුයි. මෙම ජයත් සමග ආසියානු දැල්පන්දු කිරුල වැඩිම වතාවක් දිනූ කණ්ඩායම ලෙස එම වාර්තාව තවදුරටත් දීර්ඝ කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා. ඒ ගැන ශ්‍රී ලංකා දැල්පන්දු  පුහුනුකාරිනි තිලකා ජිනදාස කියන කතාවයි මේ.
views257 Views
comment
"මම පුංචි දරුවන්ට මගේ පණට වගේ ආදරෙයි.."

"මට හිතෙනවා මම තවත් ටිකක් තරුණ වුණානම් කොයිතරම් හොඳද කියලා..."

ජේම්ස් ක්‍රිස්ටෝෆර් හැරිසන් නම්  ඕස්ට්‍රේලියනු ජාතිකයා උපන්නේ 1936 දෙසැම්බර් 27 වැනිදායි. ඔහු ළමා කාලයේදී ඉතාමත් නිරෝගී, ක්‍රියාශීලී ජීවිතයක් ගතකළා. ඒත් අවුරුදු 14 දී ඔහුට දරුණු හදවත් රෝගයක් වැලඳුණා. ඒ රෝගයෙන් අසාධ්‍ය වුණු ඔහුට බරපතළ සැත්කමකුත් කරන්නට සිදුවුණා. ඒ සැත්කම සාර්ථක වෙන්නට නම් තවත් වැදගත් දෙයක් කරන්නට ඉතිරි වී තිබුණා. ඒ ඔහුට බාහිරින් බොහෝ ලේ ප්‍රමාණයක් ලබාදෙන්නට සිදුවීමයි. මේ වෙනුවෙන් බොහෝ දෙනෙක් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වුණා. මේ පරිත්‍යාගශීලීන්ගේ පිහිටෙන් ඔහු ජීවත් වීමේ වාසනාව ලැබුවා.
views481 Views
comment
යතුරුපැදිය ලොරියක වැදිලා...
වයස අවුරුදු 17යි ....

අහංගම වැල්හේන්ගොඩ අතුරු මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන මහා විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (18) සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

වැල්හේන්ගොඩ සිට තිත්තගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
views304 Views
comment
[1]      «      4583   |   4584   |   4585      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top