සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ දෙස් විදෙස් සංචාර නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරු වී ගිය යුවළක් පිළිබඳව ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
කුලී ත්‍රිරෝද රියකින් පැමිණි යුවළකි. මුහුණු ආවරණ ද පැළඳ සිටියහ. දිනක් සිය යුවළට නවාතැන් දෙන ලෙස මේ නිවාඩු නිකේතනයෙන් ඉල්ලා සිටියහ. හැඳුනුම්පතක් පමණක් ඇපයට ගනිමින් ඔවුනට ඒ අවස්ථාව උදා විය.
කෑම වේල් සියල්ලම නවාතැන් ගත් කාමරයටම ලැබිණ. ඒ, ඔවුනගේ ඉල්ලීම අනුවය. මේ ස්ථානයේ සේවකයන්ට ඔවුන් දෙදෙනා මුහුණ නුදුන් තරම්ය. එහෙයින් මේ යුවළ අනියම් යුවළක් යයි සේවකයෝ සිතූහ..