සාලාව යුධ හමුදා කදවුරේ ඇති වූ ගින්නෙන් හා පිපිරීම් හේතුවෙන් කොස්ගම ප්‍රාදේශීය රෝහලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ශ්වසන රෝග වලින් පෙළෙන්නන් සිටින්නේනම් වහාම ප්‍රතිකාර සදහා යොමු වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
කොස්ගම සාලාව ප්‍රදේශයේ යුධ හමුදා කදවුරේ ඇති වූ ගින්න සහ පිපිරීම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 08 ක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
39 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබාගෙන රෝහල්වලින් පිටව ගොස් තිඛෙනවා.
අවිස්සාවෙල්ල මුලික රෝහල, කරවනැල්ල දිසා රෝහල, හෝමාගම මුලික රෝහල, පාදුක්ක දිසා රෝහල යන රෝහල් වලින් ඔවුන්ට ප්‍රතිකාර ලබාදී ඇති බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය කණ්ඩායම් කොස්ගම ප්‍රදේශයේ ලිං පරීක්ෂාව සදහා යොදවා තිබෙන අතර ශ්වසන රෝග ඇතිවුවහොත් වහාම ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තවද මෙම පිපිරීම හේතුවෙන් කොස්ගම පිහිටි ප්‍රාදේශිය රෝහලට දැඩි අලාභහානි සිදුව ඇති හෙයින් එම රෝහලේ සිටි රෝගීන් අවිස්සාවෙල්ල මූලික රෝහල වෙත මාරුකර යැවීමටද කටයුතු කරලා.
මෙම හදිසි තත්ත්වය සමගම එම ප්‍රදේශයට අතිරේක ගිලන් රථ 25 ක් යොමු කර තිබෙනවා.
ගින්නෙන් පසු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි.
දෙදිරීම නිසා වීදුරු කඩාවැටීමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබදව අවධානයෙන් පසු වන ලෙසද අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
නිවස තුල අළු, දුවිලි ඇති නම් එවා පිරිසිදු කිරීමේදී මුව වැසුම් පාවිචිචි කළ කරන ලෙසද ආසාත්මිකතා වලින් පෙළෙන්නේ නම් අළු හා දුවිලි නිසා ඔබගේ රෝගී තත්ත්වයන් උත්සන්න විය හැකි බැවින් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කරනවා.
මෙම සිද්ධිය පිළිබදව කිසියම් හෝ ගැටළු සහගත තත්ත්වයක් ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙරසුදානම් හා ප්‍රතිකාර ඒකකයේ 011-3071073 දුරකථන අංකයෙන් විමසිය හැකියි.
