බහුතරයක් මිනිස්සුන් ට පීඩනය දරාගන්න බැරුව , විශාදය වගේ මානසික රෝග වලට ගොදුරු වෙනවා කියලා.
ඉතින් ඇත්තටම මෙවැනි දේවල් ගැනත් අපි කතා බහ කරන්නම ඕනේ..
නැත්තම් තවත් බිහිවෙන්නේ මානසික රෝග වලට ගොදුරු වෙච්ච මිනිස්සු...
ඔයා overthinker කෙනෙක් නම්,
ගොඩක් මිනිස්සු ඔයා එක්ක කතා කරද්දී බොහොම පරෙස්සම් වෙනවා. ඔයාට ඇත්තටම ආදරේ මිනිස්සු ඔයාට වැඩියෙන් ආදරේ කරනවා. මොකද මම දන්නවා ඔයාට පුළුවන් එක වචනයක් සිය දහස් විදියකින් හිතන්න.
ඒ හිතපු එකත් තවත් අනු කොටස් සිය දහසකට බෙදන්න. සමහර දවස් වලට ඔයා නිදි නැතිව එක දෙයක් ගැන දිගින් දිගටම හිතනවා කියලා මම හොඳටම දන්නවා. කවුරු හරි කෙනෙක් "ඕක අමතක කරන්න" කියන පුංචි වචනයක් පවා ඔයාට මහා දෙයක් කියලා මට තේරෙනවා. මොකද ඔය කියන විදියට ඔයාට ඒ දේවල් ලේසියෙන් අමතක කරන්න බෑ කියලාත් මම දන්නවා.
ඒක තමයි overthinker කෙනෙක්ගේ හැටි.!
මේ හේතු ටික නිසාම ගොඩක් වෙලාවට ඔයාට ඔයාගේ සතුට අහිමි වෙනවා. ඔයාට පුංචි දෙයක් උනත් ඇති නේද මහා ලොකුවට හිතලා දුක්වෙන්න, සතුටුවෙන්න, කරදර වෙන්න, අඬන්න ,බය වෙන්න වගේ දේකට.? හැබැයි ඒ ගොඩක් ඒවා ඔයාගෙ හිත තමයි කියලා සමහරු හිනාවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු එක්ක වචනයක් කතා කරද්දී උනත් පරිස්සම් වෙන්න.
මොකද සමහරවිට ඔයා වගේ ඕනිවට වඩා දේවල් ගැන හිතන තවත් කෙනෙක්ට වෙන්න ඇති ඔයා ඒ කතා කරන්නේ. මේ වගේ ඕනෑවට වඩා දේවල් ගැන හිතන බහුතරයක් අය විශාදය වගේ මානසික රෝග වලට ඉක්මනින් ගොදුරු වෙනවා.
ඒ නිසා කරුණාකරලා Overthinker කෙනෙක්ට එයා හිතන එක නතර කරන්න කියන්න එපා. ඔයාට පුළුවන්නම් ඒ කෙනා එක්ක ළඟින් රැදෙන්න.
Overthink වෙන දේවල් වලින් එළියට එන්න, ඒ දේවල් විසඳගන්න එයාලට උදව්වක් වෙන්න. ඕනිම වගේනම් ප්‍රතිකාරයකට යන්න උදව්වක් වෙන්න.
ඒක හොඳටෝම ඇති Overthinker කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්නෙන් ගොඩට එන්න.!
( උපුටා ගැනීමකි.. )