Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
කොතරම් සත්කාර කළත් කෙස් කළඹ දීප්තිමත් නැතිද? මෙන්න එහෙනම් කරපිංචාවලින් ඒකට විසඳුමක්..

- කොතරම් සත්කාර කළත් කෙස් කළඹ දීප්තිමත් නැතිද? මෙන්න එහෙනම් කරපිංචාවලින් ඒකට විසඳුමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

නිරෝගි දිදුලන කෙස් කළඹක් සෑම යුවතියකගේම සිහිනයක්..

නමුත් දීප්තියක් නැති, සිහින් සහ ප්‍රාණවත් බවකින් තොර හිස් කළඹක් සෑමවිටම ඔබට ගෙන එන්නේ බලාපොරොත්තු කඩවීමක් නේද..? 


කොතරම් මිල අධික ෂැම්පු සහ සත්කාරක වර්ග භාවිතාකලත් ප්‍රගතියක් නැද්ද..

නමුත් ඔබ දන්නවාද හිසකෙස්වල ඇති ඕනෑම ගැටළුවක් සඳහා ඔබගේ නිවසේ මුළුතැන්ගෙයි ඇති කරපිංචා කදිම පිළියමක් බව.. කරපිංචාවල ඇති විශ්මිත ගුණාංග ඔබගේ හිස්කබල නිරෝගි කරන අතර ශක්තිමත් කෙස් කළඹක් ලබාදීමට සහය වෙනවා..

මෙන්න කරපිංචා මගින් ඔබගේ හිසකෙස් සඳහා ලබාදෙන ප්‍රතිලාභ

- හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම

හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන ප්‍රෝටීන් බහුල කරපිංචා හිසකෙස් වර්ධනයට සහය වෙනවා.. ඊට අමතරව කරපිංචාවල ඇති බීටා-කැරොටින් සහ ඇමයිනෝ අම්ලය මගින් හිසකෙස් ගැලවී යාම වළක්වා, කෙස් කළඹ ශක්තිමත් කරනවා. ඔබට ශක්තිමත් කෙස් කළඹක් අවශ්‍ය නම් කල යුත්තේ ඔබගේ හිසකෙස් සත්කාර ක්‍රමයන්ට කරපිංචා එක්කර ගැනීමයි..

සරළ හිසකෙස් සත්කාරයක් - කරපිංචා කුඩු සහ ළූණු යුෂ එක්කර එයට එඬරු තෙල් ස්වල්පයක් එක් කරන්න. මෙම මිශ්‍රණය හිසකෙස්මත ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. වඩා සාර්ථක ප්‍රථිපල සඳහා සතියකට වරක් හෝ දෙවරක් ආලේප කරන්න ඔබට පුළුවන්.


- අකලට හිසකෙස් සුදුවීම පාලනය

බොහෝවිට අපගේ මව හෝ මිත්තණිය කරපිංචා මගින් හිසකෙස් වලට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ඔබට පවසා ඇති.. එය ඉතාම සත්‍යයක්.. කරපිංචා හිසකෙස් අකලට සුදුවීමෙන් පීඩා විදින අයට ඉතා වටිනා ඖෂධයක්. කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ විටමින් B මෙන්ම අයඩින්, සෙලේනියම්, සින්ක් සහ යකඩ වැනි ඛනිජ ලවණ මගින් කෙස් සුදුවීම පාලනය කරනවා. ඔබගේ හිසේ අකලට සුදුවුණ කෙස් ගස් තිබේනම් ඔබ කල යුත්තේ වැඩි වැඩියෙන් කරපිංචා ආහාරයට එක්කර ගැනීමයි. ආහාරවලට එක්කර හෝ කැඳ ලෙස ඔබට කරපිංචා ආහාරයට ගන්න පුළුවන්.

හිසකෙස් අකලට සුදුවීම වළක්වන ප්‍රථිකාරයක් : නැවුම් පොල්තෙල් ටිකක් මදක් රත්කර එයට කරපිංචා කොළ එක්කරන්න.. මද වේලාවක් තබන්න. එය ඔබගේ හිසකෙස් මත ආලේප කර විනාඩි 10 ක් හෝ ඊට වඩා සම්භාහනය කර සෝදා හරින්න.. හැකිනම් රාත්‍රීයේ ආලේප කර උදෑසන සෝදා හැරීම වඩාත් සුදුසු වෙනවා.


- හිස්කබලේ සෞඛ්‍යය ඉහළ නංවනවා

නිතර හිස කැසීම, හිස් හොරි ආදීය හිස් කබල මත ක්‍රියාකාරිවන බැක්ටීරියා හේතුවෙන් සිදුවන්නක්.. නමුත් ඔබගේ නිවසේ කරපිංචා තිබෙනවා නම් ඔබ එයට බිය විය යුතු නැහැ. එහි අන්තර්ගත දිලීර නාශක ගුණාංග, ප්‍රතිඔක්සිකාරක ගුණාංග නිසා හිස්කබල නිරෝගි කරනවා.. ඔබ කල යුත්තේ සතියකට වරක් හෝ දෙවරක් පමණ කරපිංචා යොදා හිස්කබල පිරිසිදු කිරීමයි.

කරපිංචා කොළ යුෂ හිස්කබලේ ගල්වා හොඳින් සම්භාහනය කර හිසකෙස් සෝදා හරින්න ඔබට පුළුවන්.. කරපිංචා කොළගෙන යුෂ එනතෙක් හොඳින් කොටාගෙන හිස්කබලේ ගල්වන්න.. මද වේලාවක් තබා සෝදා හරින්න. නැතිනම් යෝගට් එකකට කරපිංචා යුෂ එක්කර hair mask එකක් සකස් කරගැනීමටත් ඔබට පුළුවන්.


- හිස්කබලේ දීප්තිය වැඩිකිරීම

දීප්තියක් නැති, වියළි කෙස් කබලක් ඔබගේ ආත්ම විශ්වාසය බිඳ දමනවා.. හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණය නොලැබීම මෙයට හේතුවක්.. නමුත් ඔබ කරපිංචා කොල ඔබගේ හිසකෙස් සත්කාරක ක්‍රමයන් අතරට එක්කර ගැනීම ඉක්මනින් දීප්තිමත් කෙස් කළඹක් ලබාගැනීමට සහය වෙනවා.

නැවුම් කරපිංචා කොළ කිහිපයක් ගෙන ජලය ස්වල්පයක් එක්කර අඹරාගෙන එම සිනිදු තලපය හිසකෙස් මත ආලේප කරන්න.. විනාඩි 20 ක් පමණ තබා ෂැම්පු භාවිතයෙන් සෝදා හරින්න. ඔබට ඉක්මන් වෙනසක් අවශ්‍ය නම් සතියකට වරක්වත් මෙම සත්කාරය කළ යුතු වෙනවා.


කරපිංචා කොළ යොදාගෙන ඔබට නිවසේදි කල හැකි ප්‍රථිකාර කිහිපයක්..

- කරපිංචා කොළ අඹරා තලපයක් සේ සකස් කරගෙන හිසකෙස් මත ආලේප කරන්න පුළුවන්

- නැවුම් පොල්තෙල් රත්කර එයට කරපිංචා කොළ එක්කර මද වේලාවක් තබා රාත්‍රී කාලයේ හිසෙහි ගල්වා උදෑසනම සෝදා හරින්න පුළුවන්

- කරපිංචා කොල මිශ්‍ර කොළ කැඳ, ආහාරයන් සඳහා එක්කර ආහාරයට ගැනීමටත් පුළුවන්


කරපිංචා යුෂ හිසකෙස් හි ගැල්වීම හෝ කරපිංචා ආහාරයට ගැනීම යන ඕනෑම ආකාරයක් ඔබගේ හිසකෙස් ශක්තිමත් කර දීප්තිමත් කෙස් කළඹක් ලබාදීමට සහය වෙනවා.. එමනිසා තවත් ප්‍රමාද වෙන්න එපා අද සිටම වැඩි වැඩියෙන් කරපිංචා පරිහරණය කිරීම ඔබට හිසකෙස් පිළිබඳව නැවුම් බලාපොරොත්තු ගෙනඑනවා නො අනුමානයි...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top