Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
31
ඔයත් හැමදාම නාන කෙනෙක්ද ? එහෙනම් මෙන්න මේ දේවල් දැනගෙන ඉන්න එක ඔයාගේ ජීවිතයට වටිනවා

- ඔයත් හැමදාම නාන කෙනෙක්ද ? එහෙනම් මෙන්න මේ දේවල් දැනගෙන ඉන්න එක ඔයාගේ ජීවිතයට වටිනවාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

ස්නානය කිරීම උපන් මොහොතේ සිට මේ වන තෙක් අපි දිනපතාම සිදුකරන දෙයක්. 


දෛනික ජීවිතය තුළ අත්‍යවශ්‍ය කාරණයක් වන ස්නානය කිරීම බහුතරයක් දෙනා පුරුද්දක් විධියට කරන දෙයක්, එසේ නොමැතිව සැලකිල්ලෙන්, අවධානයෙන් ස්නානය කරන අය ඉතාමත් අල්පයි. නමුත් අපි බොහෝ දෙනා නොදන්නා කාරණයක් තමයි අපි පුරුද්දක් විධියට දෛනිකව කරන ස්නානය අතරේදී කරන ඇතැම් දේවල් අපේ සමේ, ශරීරයේ වගේම සමස්තය සෞඛ්‍ය තත්ත්වයටම අහිතකර ලෙස බලපාන්න පුළුවන් බව. එහෙම නම් අපි අද බලමු අපිට නරක විධියට බලපාන, අපි ස්නානය කරද්දි කරන වැරදි කිහිපයක් පිළිබඳව. ඔබත් තද උණුසුම් ජලයෙන්

ස්නානය කරනවාද?

තරමක් තද උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සනීපවත් හැඟීමක් සිතට ගෙනදීමට සමත් වුවද එය සමට හිතකර නොවේ. තද උණුසුම් ජලය හේතුවෙන් සමේ සිදුරු වැඩි වශයෙන් විවෘත වේ. එය සමේ ඇති ස්වාභාවික තෙල් සමෙන් ඉවත්වන හේතුවක් වන අතර ඊට අමතරව ඒ හේතුවෙන් සම ඉතා ඉක්මනින් වියළීමට ලක්වේ. මේ පිළිබඳව දක්වමින් සම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු දක්වන්නේ තද උණුසුම් ජලයෙන් ස්නානය කරනවාට වඩා තරමක් ඇල්මැරුණු ළා උණුසුමක් සහිත ජලයෙන් ස්නානය කිරීම වඩාත් හොඳ බවයි.

දිනකට කිහිපවරක් ස්නානය කරනවද ?

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල පුද්ගලයන් අධික උණුසුම නිසාම දිනකට දෙවතාවක් පමණ ස්නානය කිරීමට පුරුදු වී සිටියි. නමුත් දිනකට කිහිපවරක් ස්නානය කිරීම තුළින්ද සම වියළීමට ලක්වීමේ හැකියාවක් තිබේ. එමෙන්ම ඒ හේතුවෙන් සමේ ස්වාභාවික තෙල්ද ඉවත්වීම සිදුවේ. මෙහිදී චර්මය සම්බන්ධ විශේෂඥයන් කියා සිටින්නේ නිරන්තරයෙන් දහඩිය නොදමන දුහුවිලිවලට නිරාවරණය වන කෙනකු නොවේ නම් සතියකට දින කිහිපයක් පමණක් ස්නානය කිරීම වඩාත් සුදුසු බවයි. එමෙන්ම යම් හෙයකින් දිනපතා ස්නානය කිරීමට පුරුදු වී සිටින අයෙක් සිටී නම් එහිදී ස්නානය සඳහා ගත කරන කාලය ක්‍රමයෙන් අඩු කිරීම හරහා ජලයට නිරාවරණය වන කාලය අඩු කළ හැකි බවද ඔවුන් කියා සිටියි.

අතට අහුවන ඕනෑම දෙයක් ඇඟේ ගානවද?

බොහෝ පුද්ගලයන් පුරුදු වී සිටින්නේ ස්නානයේදී අතට හසුවන ඕනෑම සබන් වර්ගයක් හෝ ෆැම්පු වර්ගයක් භාවිත කිරීමටයි. නමුත් මෙය ඇතැම්විට ඔබේ සමට ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට හේතුවක් විය හැකිය. එහිදී තම සම පිළිබඳව, සමේ මෙන්ම හිසකෙස්වල ස්වභාවය පිළිබඳව හොඳින් අවබෝධ කොට ගෙන තම සමට හා ශරී‍රයට ගැළපෙන සංඝටක අඩංගු නිෂ්පාදන භාවිත කිරීමට සැලකිලිමත් විය යුතු වේ.

ෆිල්ටර් නොකරපු වතුරද නාන්නේ?

නාන වතුර ෆිල්ටර් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඇතැම් විට එය අනවශ්‍ය සුඛෝපභෝගී දෙයක් ලෙස හැඟුණත් අප ජීවත්වන පරිසරයේ වතුරවල ස්වභාවය අනුව වතුර ෆිල්ටර් කර ස්නානය සඳහා භාවිත කළ යුතු අවස්ථාද තිබේ. සමට අහිතකර ප්‍රමාණයකින් මැග්නීසියම්, කැල්සියම් වැනි සංඝටක අඩංගු ජලයෙන් දිනපතා ස්නානය කළහොත් එය සමේ මෙන්ම හිසකෙස්වල නිරෝගී භාවයටද බාධා පමුණුවයි. එබැවින් ජලයේ අඩංගු සංඝටක හා එහි ඵ් අගය පිළිබඳව සැලකිලිමත් වී වැදගත් වේ.

නාන කමරයේ තැනින් තැන බඩු තබනවාද?

බොහෝ දෙනා ස්නානය කරන විට සම පිරිසුදු කර ගැනීම සඳහා භාවිත කරන ලූෆා වැනි දේ නාන කාමරය තුළම කරාමය අසල එල්ලා තැබීමට කටයුතු කරයි. නමුත් මෙය එතරම් නුවණැති ක්‍රියාවක් නොවේ. නාන කාමරය යනු විවිධාකාර බැක්ටීරියා හා විසබීජවලට උල්පතක් වන බැවින් එහිදී වඩාත් සුදුසු වන්නේ ඒවා පිරිසුදු වියළි ස්ථානයක නිසි පරිදි ගබඩා කර තැබීමයි.
(මව්බිම)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top