Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
14
මතභේදයට තුඩ දුන් ප්‍රබල කරුණක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..

- මතභේදයට තුඩ දුන් ප්‍රබල කරුණක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මේ කියන්න යන්නේ මීට වසර ගණනාවකට පෙර සිට පැවති ගැටලුවක් ගැන කතාවක්.. 

අපි හැමෝම මනුස්සයෝ විදිහට ජීවත් වෙන්න තියන නිදහස වගේම අයිතීන් එක හා සමානයි...


මිනිස්සුන්ගේ එවන් අයිතියක් වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙනවා.. මේ කතාව අපට ඇහෙන්නේ ඉන්දියාව පැත්තෙන්..

මතභේදයට තුඩු දුන් කාශ්මීර් ප්‍රාන්තයේ ස්වයං පාලන අර්බුදය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිමාවට පත් වී තිබෙනවා... වසර 1949දී එම ප්‍රාන්තයට ස්වයං පාලන අයිතිය ලබා දෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 370 වැනි වගන්තිය ඇතුළත් කළ අතර, එවැනි පසුබිමක් යටතේ වුවද කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදුවුණා... දශක 60කට ආසන්න කාලයකට පසු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වැනි වගන්තිය ඉවත් කර එහි කටයුතු මධ්‍යම රජයට පවරා ගැනීමට ඉන්දියාව පියවර ගනු ලැබුවේ තවදුරටත් එම ප්‍රාන්තයේ ජනතාවට පීඩනයෙන් හා දරිද්‍රතාවයෙන් යුතුව ජීවත්වීමට ඉඩ දිය නොහැකි බැවිනි..

ඉන්දිය රජය ගත් එම පියවර අභියෝගයට ලක් කරමින් ඇතැම් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ එවැනි පසුබිමකදීයි... මාස ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම පෙත්සම් විභාගය සිදු වූ අතර, තීන්දුව නිකුත් කරනු ලැබුවේ ඊයේ පෙරේදායි.. ශ්‍රේෂ්ඨාධීකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල 5-0ක් ලෙස ඒකමතිකව තීන්දුව ලබා දුන්නේ ඉන්දීය රජය ගත් පියවර අනුමත කරමින්...

පාකිස්තාන සම්භවයක් සහිත මුස්ලිම් ජාතිකයන්ගේ පළාතක් වන ජම්මු කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා පාකිස්තානයෙන් සහාය ලැබෙන බවට වාර්තා වූවද බටහිර මාධ්‍ය ඉස්මතු කර පෙන්වා තිබුණේ ලොව වඩාත්ම හමුදාකරණයට ලක්වූ ප්‍රාන්තයක් ලෙසටයි.. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවලදී පවා මේ සම්බන්ධව සාකච්ඡාවට ලක් වූ අතර, කාශ්මීරයේ සිදුවීම් සම්බන්ධව පාකිස්තාන නියෝජිතයන් ඉන්දියාවට චෝදනා එල්ල කර තිබුණා..

සැබැවින්ම ඒ වන විට ඉන්දීය රජය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර ජම්මු කාශ්මීරයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි. එම ප්‍රාන්තයේ තරුණ තරුණියන් නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම මඟ හරවා ගැනීමටත්, කාන්තාවන්ගේ ස්වයං රැකියා උත්පාදනය ඉහළ දැමීමටත් පියවර රැසක් ගෙන තිබුණා.. එමඟින් කාශ්මීර් ප්‍රාන්තයේ තරුණයන් ත්‍රස්ත සංවිධාන හා නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම වසර දෙකක් ගත වන විට 40% කින් අඩුවී තිබුණා.. ත්‍රස්ත ක්‍රියාකාරකම් ද සැලකිය යුතු ආකාරයෙන් පාලනය වී තිබූ බව ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත බලධාරීන් තහවුරු කර තිබුණා... මීට අමතරව එම ප්‍රාන්තයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරමින් ජන ජීවිත ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණා.. ශ්‍රෙෂ්ඨාධිකරණයේදී පෙත්සම් විභාගය සිදු වෙද්දී පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ අවධානය නිතැතින්ම ඒ සම්බන්ධව යොමු වන්නට ඇතියි..

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ජනතාවට නිදහස් ජීවිතයක් ගත කිරීමට එරට රජය ගත් පියවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තවදුරටත් තහවුරු වීම ඒකීය රාජ්‍යයක් ලෙස ඉන්දියාවට නැඟී සිටීමට මෙන්ම සෙසු ප්‍රාන්තවලට ලබා දී ඇති පහසුකම් එක හා සමානව භුක්ති විඳීමට ද කාශ්මිර ජනතාවට නිල වශයෙන් ලැබුණු අවස්ථාවක්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top