ඒ වගේම කෙසෙල් වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා නේ... මේ අතරින් රත් කෙසෙල් යනු , සිරුරට බොහෝ ගුණ දෙන කෙසෙල් වර්ගයක්..
මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා... අනෙකුත් කෙසෙල් වර්ගවලට වඩා බීටා කැරොටීන් හා විටමින් සී මෙහි අඩංගු යි...
බීටා කැරොටීන් මඟින් රුධිර නාලිකා ඝන වීම වළක්වන අතර, හෘදයාබාධ හා පිළිකා ඇතිවීම වැළැක්වීම ද සිදුවෙනවා.. රත් කෙසෙල්වල අන්තර්ගත ගුණ බොහෝමයි..
වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි
රත් කෙසෙල්වල පොටෑසියම් ඉතා ඉහළ ප්‍රමාණයක් පවතින නිසා, වකුගඩුවල ගල් ඇති වීම වළක්වයි. එමෙන් ම, හෘදය ආශ්‍රිත රෝග හා පිළිකා වැලඳීම ද වළකී. අස්ථි ශක්තිමත් කරයි.
බර අඩු කර ගැනීමට
අනෙකුත් පලතුරු හා සසඳා බලන විට රත් කෙසෙල්වල අඩු කැලරි ප්‍රමාණයක් පවතී. මේ මඟින් කුස ඉක්මනින් ම පුරවා දැමීම සිදුවේ. එමඟින් බර අඩු කර ගැනීමට දායකත්වයක් ලැබේ.
ප්‍රතිඔක්සිකාරක හා විටමින්
රත් කෙසෙල්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක හා විටමින් නිසා, රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරවයි. එමඟින් නීරෝගී ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති කරවන අතර, රුධිරයේ ග්ලූකෝස් මට්ටම ද නියතව රඳවා තබයි. මේ මඟින් දෛනිකව අවශ්‍ය වන විටමින් බී6 ප්‍රමාණය ද සපයාගත හැකි ය. විටමින් බී6 හීනතාව, ඇනීමියා තත්ත්වය ඇති වීමට හේතු වේ.
ක්ෂණික ශක්ති ජනකයකි
රත් කෙසලේ යනු ක්ෂණිකව ශක්තිය ලබාදෙන ශක්ති ජනකයකි. මේ මඟින් ස්වභාවික සීනි ශක්තිය බවට පරිවර්තනය කරයි. එමනිසා, මෙය උදෑසන ආහාර වේලක තිබිය යුතු අනිවාර්ය අංගයකි.