ගර්භණී සමයේ කාන්තාවන් සෑම අතකින්ම පරිස්සම් විය යුතු වෙනවා..
ආහාර පාන ද ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා..
ආහාර පාන මඟින් ගර්භණී මවට මෙන්ම කුස තුළ වැඩෙන දරුවාට ද මනා නීරෝගී බවක් උදාකර දෙන අතර ගර්භනී මවක් ගර්භණී සමයේ ලබාගත යුතු හා නොගතයුතු ආහාර පිළිබඳ මෙන්ම ආහාරපාන වර්ග පිළිබඳවද දැනුවත් වීම වැදගත්..
ගැබිනි මවකට ගුණදෙන පාන වර්ග...
• නෙල්ලි යුෂ උදේ කාලයට පානය කිරීමට සුදුසුයි.
• තැඹිලි වතුර දිනපතාම වුවද පානය කිරීමට යෝග්‍යයි.
• දෙළුම් යුෂ උදෑසනට මෙන්ම සවස් කාලයටත් සුදුසුයි
• වැල් දොඩම් යුෂ වලට සීනි දමා පානය කිරීම යෝග්‍යයි.
• බෙලිමල් හා රණවරා මල් තැම්බූ වතුර ගුණදායකයි.
• ගොටුකොළ යුෂ තේ හැඳි එකකට මී පැණි බිංදුවක් දමා පානය කරන්න.
ගැබිනි මවකට ගුණදායක ආහාර වර්ග...
• ගොටුකොළ, මුගුණුවැන්න, කතුරුමුරුංගා, රසකිඳ එක් වර්ගය බැගින් හෝ මිශ්‍රකර මැල්ලුම් සාදා ආහාරයට ගන්න.
• මුරුංගා, පිපිඤ්ඤා, එළබටු, රතු තම්පලා, කැකිරි ව්‍යංජන සාදා ආහාරයට ගන්න.
• කඩල, මුං ඇට, කව්පි, සෝයා බෝංචි මේවා තම්බා ආහාරයට ගෙන තැම්බූ වතුර පානය කරන්න.
ගැබිනි මවකට අගුණ ආහාර වර්ග...
• බටු, බණ්ඩක්කා, මෑකරල්, පුහුල්, ලබු, අච්චාරු
• සැමන්, බල කරවල, අන්නාසි, ගස්ලබු නිතර ආහාරයට නුසුදුසුයි.
• සුදුළූණු ද නිතර ආහාරයට යෝග්‍ය නොවේ.
• උණුසුම් වතුර බොන්න එපා.
• නිතර නිතර බර ආහාර ගැනීමෙන් වළකින්න.
උදා:- කොස්, මඤ්ඤොක්කා
• ඌෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න.
උදා:- ඉස්සන්, දැල්ලන්
• අධිකව මිරිස් යෙදූ ආහාර කෑමෙන් වළකින්න.
උදා:- මාළු, ඇඹුල් තියල් ආදිය
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්..