නඩු විභාගය සඳහා ධනුෂ්ක ගුණතිලක අද(24) සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටියා.
2022 වසරේ 20/20 ලෝක කුසලාන තරගයට සහභාගීවීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියදී, සිඩ්නි නුවරදී කාන්තාවක් දූෂණය කළ බවට ධනිෂ්කට චෝදනා එල්ල වූ අවස්ථාවේ සිට මෙම නඩුව සම්බන්ධයෙන් ඉහල ජනමාධ්‍ය අවධානයක් ඇති වූ බව අධිකරණයට වාර්තා වී තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් මෙහිදී පෙන්වාදී ඇත්තේ, ඇතැම් ජනමාධ්‍ය ආවරණයන් ධනිෂ්කට අහිතකර බවත්, ජූරි සභාවක් හමුවේ එමගින් තම සේවාදායකයාගේ ස්ථාවරයට හානි සිදුවිය හැකි බවත්ය.
ඕස්ට්‍රෙිලියානු විනිසුරු වෝර්වික් හන්ට් සඳහන් කර ඇත්තේ, පුවත්පතක මුල් පිටුවේ ධනුෂ්ක ගුණතිලකට එල්ලවී ඇති චෝදනා දැකීමෙන් ඒ පිළිබදව සිදුවිය හැකි අගතිය ගැන තමා කනස්සල්ලට පත්ව සිටින බවයි.
