පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිපැටවකු ලබා තබා ගැනීමේ චෝදනාවටයි.
කෙසේ නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන් මීට පෙර පවසා සිටියේ තමන් හදාවඩාගත්තේ නීතිවිරෝධී අලි පැටවෙකු නොව සිය විහාරස්ථානයේ දමාගිය අලි පැටවෙකු බවයි.
නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේ සිටි බලපත්‍ර රහිත අලි පැටවෙකු සම්බන්ධයෙන් පසුගියදා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට මෙලෙස චෝදනා එල්ලවුණා.
නීතිපති දෙපාර්තමේන්තුවද ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම්දී තිබුණේ බලපත්‍ර නොමැති අලි පැටවෙකු තබාගැනීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් සැකකරුවෙකු ලෙස සැළකීමට සාක්ෂි පවතින බවයි.
විහාරස්ථානයේ දමාගිය අලි පැටවෙකු හදාවඩාගැනීම වරදක් නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසද උන්වහන්සේ ප්‍රකාශ කළා.