Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
25
බිලියන 3ක් වටින සුපිරි දේශන මධ්‍යස්ථානයේ වෙන හොර වැඩ... පිටරටින් එන කෝටි ගණන් වටින ඇඳුම් පැලඳුම් සල්ලිකාරයන් අන්දා සුරසැප වින්ද බෝන් අගේන් පිල්ලියේ මහමොළකරු ගහපු ගේම් මෙන්න...

- බිලියන 3ක් වටින සුපිරි දේශන මධ්‍යස්ථානයේ වෙන හොර වැඩ... පිටරටින් එන කෝටි ගණන් වටින ඇඳුම් පැලඳුම් සල්ලිකාරයන් අන්දා සුරසැප වින්ද බෝන් අගේන් පිල්ලියේ මහමොළකරු ගහපු ගේම් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

පාස්ටර් ජෙරොම්ගේ බෝන් අගේන් පිල්ලිය දැන් සමස්ත ශ්‍රී ලංකාවටම පිළිලයක් වී ඇත. බුදු දහමට, ඉස්ලාම් දහමට සහ හින්දු දහමට අපහාස කරමින් ඔහු විසින් පසුගියදා දේශනයක් අතරතුර කළ ප්‍රකාශය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ආන්දෝලනයකට තුඩු දී තිබේ. 


ආගමික සංහිඳියාවට හානි වන ආකාරයෙන් එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ වන විට පාස්ටර් ජෙරොම් පවුලේ සාමාජිකයන් සමඟ විදෙස්ගත වී සිටියේය. ඔහු විදෙස්ගත වී ඇත්තේ මතභේදයට තුඩු දුන් ප්‍රකාශය සිදු කිරීමෙන් පසු දින බවත් වාර්තා වේ.

කෙසේ වුවත් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා තොරතුරුවලින් දැක්වෙන්නේ මැලේසියාවේ සහ සිංගප්පූරුවේ දේශන මාලාවකට සහභාගි වීමට රටින් පිට වූ බවකි. එමෙන්ම ඔහුගේ මුහුණුපොතේ සඳහන් වන ආකාරයට මැලේසියානු දේශනය පසුගිය 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, සිංගප්පූරු දේශනය ඉරිදා (21) පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉරිදා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව තම අනුගාමිකයන්ට දැනුම් දෙමින් පාස්ටර් ජෙරොම් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබා ඇත. පාස්ටර් ජෙරොම්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා ඇති බැවින් ඔහු එසේ ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ද ඇතැයි පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබිණි. පාස්ටර් ජෙරොම්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට ද පැමිණිලි ගලා එමින් පවතින බව පසුගියදා උසස් පොලිස් නිලධාරියකු ද ප්‍රකාශ කර තිබිණි. එබැවින් පාස්ටර් ජෙරොම්ගේ බෝන් අගේන් පිල්ලිය සම්බන්ධව මේ වන විට මුළු රටෙහිම සියලු ආගමිකයන්ගේ අවධානය යොමු වී තිබේ.

අතිසුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවමින් සිටින පාස්ටර් ජෙරොම්ගේ වත්කම් පිළිබඳ මෙරට බොහෝ පාර්ශ්වවල අවධානය යොමුවී ඇත්තේ කාලයක සිටය. කටුනායක පිහිටි ඔහුගේ දේශන මධ්‍යස්ථානය මෙන්ම තවත් දේපළ සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර, මුදල් විශුද්ධිකරණය යටතේ එම විමර්ශනය සිදු කෙරෙන බව උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේය. ඒ අනුව වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයක් හෝ ප්‍රශ්න කිරීමක් ඉදිරියේදී සිදු කෙරෙනු ඇත. ඒ සම්බන්ධව දැනටමත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති අතර, ප්‍රශ්න කිරීමට සහ වැඩිදුර විමර්ශනයට පාස්ටර් ජෙරොම් ශ්‍රී ලංකාවට නොපැමිණීමෙන් දේපළ තහනම් කිරීමේ හැකියාවක් ද පවතින බව වාර්තා වේ. දැනට සිදු කෙරෙන මූලික අධ්‍යයනයෙන් ඔහුට අයත් දේපළ හඳුනා ගනිමින් පවතින අතර, ඔහු සතු බැංකු ගිණුම් සහ එම සංවිධානය සතු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

මීට සියවස් ගණනාවකට පෙර කතෝලික දහමෙන් බිඳී ගිය එක්තරා ආගමික නිකායක් ලෙස ලොව පුරා ප්‍රචලිත වූ බව කියන බෝන් අගේන් සංකල්පය මෑත ඉතිහාසයේදී අප්‍රිකානු රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික අන්තවාදී මුහුණුවරක ස්වරූපයෙන් බවට තොරතුරු වාර්තා වේ. පාස්ටර් ජෙරොම් ද ශ්‍රී ලංකාවේ බෝන් අගේන් ව්‍යාප්ත කරමින් සිටින්නේ එම මුහුණුවර බවට එකම නිදසුන වන්නේ ඔහු සිම්බාබ්වේ බෝන් අගේන් නිර්මාතෘ උයිබර්ට් ඒන්ජල්ගේ අධ්‍යාත්මික පුත්‍රයා බවට ඔහුම කියා ගන්නා බැවිනි.

උයිබර්ට් එන්ජල් යනු මෑත කාලයේ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගග්වා ගොනාට අන්දවා අමෙරිකානු ඩොලර් බිලියන ගණනක රන් වංචාවක් සිදුකළ පුද්ගලයාය. එරට මහ පරිමාණයේ රත්රන් ජාවාරමක නිරතවෙමින් සිම්බාබ්වේ රජයට ඩොලර් බිලියනයකටත් වඩා උපයා ගැනීමට මාර්ගය සැලසූ උයිබර්ට් ඒන්ජල්ගේ පැටිකිරිය ලොවට හෙළි කරනු ලැබුවේ අල්ජසීරා පුවත් සේවයේ ගවේෂණාත්මක කණ්ඩායමක් විසිනි. පාස්ටර් ජෙරොම් ඔහුගේ අධ්‍යාත්මික පුත්‍රයා නම් ඔහු යන්නේ ද උයිබර්ට් ඒන්ජල්ගේ අඩි පාරේ නොවේද?

බෝන් අගේන් ශ්‍රී ලාංකික අනුගාමිකයන් අතර ‘ප්‍රොෆට් ජෙරොම්‘ නමින් ගරු බුහුමන් ලබන ෆ්‍රෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි පුද්ගලයා අනූව දශකයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්ලෝලීන් අතර ප්‍රකටව සිටියේ වමතින් පන්දුවට පහර දෙන කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියටය. හෙතෙම කොළඹ ප්‍රසිද්ධ කතෝලික පාසලකින් අධ්‍යාපනය ලැබුවෙකි. එම පාසල සහ තවත් කතෝලික පාසලක් අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට ද ක්‍රීඩා කර ඇති අතර, ආරම්භක පිතිකරුවකු ලෙස දස්කම් පාමින් අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට එක් වී සිටියේය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ උපේක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් සහ ජෙහාන් මුබාරක්, තිළිණ කණ්ඩම්බි, නලින් විජේසිංහ, පුබුදු සෙනෙවිරත්න, ඉයන් ඩැනියෙල්ස්, දුමින්ද පෙරේරා, රුවන් සුජීව ද සිල්වා, මාලිංග බණ්ඩාර සහ ප්‍රභාත් නිශ්ශංක වැනි ක්‍රීඩකයන් සමඟ එවකට ඉන්දියාවේ සංචාරය කළ කණ්ඩායමට ද ඇතුළත් විය. එවකට රාගම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර් කෙනකු වීම වෙනම කාරණාවකි. ඔහු ‘ප්‍රොෆට්‘ නොඑසේ නම් අනාගත වක්තෘවරයකු ලෙස ඔහුම කියා ගැනීමත් වෙනම කාරණාවකි. රුපියල් කෝටි බිලියන 3කට වඩා වැය කරමින් කටුනායක ගුවන්තොටුපොළ අසල අක්කර ගණනාවක ඉඩමක සුපිරි සුඛෝපභෝගී ආකාරයෙන් Miracle Dome බෝන් අගේන් ආගමික මධ්‍යස්ථානය ඉදි කරමින් සිය විශ්වාසය හා ඇදැහිල්ල සමාජගත කිරීමට දේශනා පැවැත්වීම ද වෙනම කාරණාවකි. එහෙත් ඔහු පසුගියදා බුදුදහම, ඉස්ලාම් සහ හින්දු ධර්මය සම්බන්ධව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය නිසා ඒවා දැන් සමස්ත ශ්‍රී ලංකාවටම අදාළ පොදු කාරණාවක් බවට පත් වී ඇත.

පාස්ටර් ජෙරොම් ගැන කතා කිරීමට පෙර ඔහුගේ අාධ්‍යාත්මික නායකයා උයිබර්ට් ඒන්ජල් ගැන කතා කළ යුතුව ඇත. මන්ද මේ ප්‍රයෝගකාරී මිනිසා සිම්බාබ්වේ ජනාධිපති අල්ලේ නටවපු තත්ත්වයට ජෙරොම් තවමත් පත්වී නැති බැවිනි. එහෙත් ඔහු දශකයකට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩකයන් බිලී බෑම සිතේ හැටියට කරගෙන ගිය බව මෑත කාලයේදී අනාවරණය වූ බැවින් ක්‍රිකට් බලධාරීන් ඔහුගේ අල්ලේ නැටුවේදැයි කෙනකුට සිතෙන්නට බැරි නැත.

බොහෝ කරුණු කාරණා අතින් උයිබර්ට් සහ ජෙරොම් අතර ඇත්තේ පුදුමාකාර සමානකම්ය. උයිබර්ට්ගේ විජ්ජාකාරී මැවුම් සහ අනාවැකි ආරම්භ වූයේ ද ජෙරොම් මෙන්ම කුඩා ස්ථානයකිනි. 1996දී තම නිවෙසේ කුඩා යාඥා කණ්ඩායමක් ආරම්භ කළ උයිබර්ට් ඉතා ඉක්මනින් එය දේවස්ථානයක් බවට පත් කරගත්තේය. 2007 වසරේදී එය Spirit Embassy නමින් ප්‍රකට විය. 20015 දී නැවත Good News Church නමින් බෞතිස්ම ලැබීය. ධනවත් වීමට අවශ්‍ය අය විශාල පිරිසක් ඔහුගේ අනුගාමිකයෝ වූහ. එහෙත් ධනවතුන් ද බුරුතු පිටින් උයිබර්ට්ගේ දේශන ඇසීමට එක්රොක් වූහ.

සිම්බාබ්වේ රත්රන් තොග ජාවාරමෙන් ඩොලර් බිලියන ගණන් පොම්ප කළ බවට අල් ජසීරා හෙළිදරව්වට දශකයකට පෙර උයිබර්ට් අපූරු විජ්ජාවක් පටන් ගත්තේය. එය ඔහු හැඳින්වූයේ ආශ්චර්යවත් මුදල් මැවීම ලෙසටය. පසුකාලෙක කළු සල්ලි සුදු කිරීම ලෙස කූප්‍රකට වූයේ එම විජ්ජාවය. ඔහු මුදල් පමණක් නොව රන් සහ දියමන්ති ද මැව්වේය. සැබැවින්ම ඔහු සිදු කර ඇත්තේ සිම්බාබ්වේ ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීම නොව ඔහු සමඟ එක්වූ සිම්බාබ්වේ ජනතාව ගොනාට ඇන්දවීමය. මුදල් මැවීමේ කෙළවරක් නැති නැත එවකට සිම්බාබ්වේ මහබැංකුවේ අධිපති වහාම එම නීතිවිරෝධී විගඩම නතර කරන ලෙස උයිබර්ට්ගෙන් ඉල්ලා සිටි අතර, පසුව ඔහුගේ පැත්ත ගත්තේ විජ්ජාවට ඉඩ සලසා දෙමිනි. සැබැවින්ම ඔහු මැව්වේ දෙවියන්ගේ මුදල් නොව එරට ලියාපදිංචි අංක සහිත මුදල් නෝට්ටුය. ඔහුගේ කළු සල්ලි සුදු කිරීමේ තක්කඩි විජ්ජාවේ තරම අල් ජසීරා පුවත් සේවය මැනවින් පැහැදිලි කර දුන්නේ උයිබර්ට්ගේ රෙදි ගලවා දමමිනි.

උයිබර්ට් සතු මුදල් කන්දරාව කොතෙක්දැයි තවම කිසිවකු දන්නේ නැත. එහෙත් චන්ද්‍රිකා රූපවාහිනි විකාශන නාළිකා තුනකටම හිමිකම් කියන, අතිසුඛෝපභෝගී මෝටර් රථ පමණක් නොව පෞද්ගලික ජෙට් යානා සහ සුපිරි මන්දිර රැසකටත් හිමිකම් කියන බෝන් අගේන් අප්‍රිකානු නායකයා ලිංගික අපචාර සිදුවීම් රැසකටත් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබිණි. මුදල් මවන බලයක් තිබුණත් අනාවරණය වූ තොරතුරු අන්තර්ජාලයෙන් මකා දැමීමට නම් උයිබර් සමත් වූයේ නැත.

උයිබර්ට් ගැන මෙතරම් කීවේ පාස්ටර් ජෙරොම් ඔහුගේ අධ්‍යාත්මික පුතා බැවිනි. ජෙරොම් නම් තවම මුදල් මවන්නට පටන් ගත්තේ නැත. එහෙත් මෙරට ඉහළම මට්ටමේ ප්‍රභූ සමාජයේ ධනවතුන් විශාල ප්‍රමාණයක් තම දෙපතුල ළඟට ඇද ගැනීමට ඔහු සමත් වී සිටී. ඉහළ තලයේ දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, ඉහළ මට්ටමේ වෘත්තිකයන්, තරු පන්තියේ ක්‍රීඩකයන් සහ ඒ මදිවට ඔවුන්ගේ බිරින්ඳෑවරුන්, ගායක ගායිකාවන් සහ නළු නිළියන් මේ වන විට කටුනායක පිහිටි ජෙරොම්ගේ Miracle Dome ආගමික මධ්‍යස්ථානයේ යාවජීව සාමාජිකයන් බවට පත්වී සිටිති.

මේ සුපිරි දේශන මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් බිලියන 3ක් වැය වූ බව ඔහු විසින්ම විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කළේය. හැම අතින්ම අතිනවීන තාක්ෂණයෙන් යුතු ආසන පන්දහසකින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස නවීන පන්නයේ ගෘහ නිර්මාණ සැලසුමකට අනුව ඉදි කර ඇති මේ මධ්‍යස්ථානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිවිශිෂ්ට නිමැවුමකි. වසර 2015 දී ඉදි කිරීම් ආරම්භ කළ Miracle Dome ආගමික මධ්‍යස්ථානය වර්ග මීටර් 4134ක වපසරියකින් යුතු එකකි. වාහන ගාල් කිරීමේ පහසුකම් සහිත පුළුල් දර්ශන තිර සහිත මේ මධ්‍යස්ථානයේ සේවය සඳහා වෙනම පිරිසකි.

මේ වන විට පාස්ටර් ජෙරොම්ගේ වත්කම් පිළිබඳ සොයා බලන ගවේෂකයෝ අන්තර්ජාලයේ සැරසරති. ඔහුගේ දේශනවලට පැමිණෙන ප්‍රභූවරුන් කවුරුන්දැයි පරීක්ෂා කරති. ඔහුගේ මිල අධික ඇඳුම් පැලඳුම් ගැන සොයා බලති. ඔහු අත පැලඳ සිටින ලොව නොම්මර එකේ ‘රිචඩ් මිලී‘ අත්ඔරලෝසු වර්ගයක් ගැන කතා කරති. ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කරගත් මේ සුඛෝපභෝගී පන්තියේ අත්ඔරලෝසු නිෂ්පාදන සමාගම වසරකට නිපදවන අත්ඔරලෝසු සංඛ්‍යාව 4500ක් වැනි සුළු ප්‍රමාණයකි. එහි මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දෙකකටත් වැඩිය. අනාගත වක්තෘවරයකු යැයි කියාගන්නා පුද්ගලයකු එවැනි අතිසුඛෝපභෝගී භෞතික දේවල් භාවිත කිරීම ගැටලු සහගත බව සැබෑය. එහෙත් කෙනකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම මිල අධික භෞතික සම්පත් විඳීමේ තහනමක් නැති බැවින් එය වැඩිදුර කතා නොකළ යුත්තකි. එහෙත් එවැනි සුරසැප විඳීමට ඔහුට භාග්‍ය උදාවූයේ කෙසේදැයි සොයා බැලීම වටි.

විවිධ ආගමික මතවාද තුළින් ධනවතුන් මුළා කරමින් මුදල් උපයා ගන්නා සිම්බාබ්වේ ජාතික උයිබර්ට් ඒන්ජල් වැනි පුද්ගලයන්ගේ තක්කඩි ක්‍රියාකාරකම් හෙළිදරවු වීමත්, පාස්ටර් ජෙරොම් ඔහුගේ ආධ්‍යාත්මික පුත්‍රයා බව කියාගැනීමත් නිසා මේවා සොයා බැලීමේ වරදක් ද නැත.

උයිබර්ට් ඒන්ජල් දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණියේද පාස්ටර් ජෙරොම්ගේ ඇරියුම මතය. ඔහු මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2020දීය. ඔහු 2022දිත් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට තොරතුරු වාර්තා විය. මේ අවස්ථා දෙකෙහිදීම උයිබර්ට් ඒන්ජල් විසින් පාස්ටර් ජෙරොම්ගේ අධිසුඛෝපභෝගී දේශන මධ්‍යස්ථානයේ දේශන රැසක් පවත්වා ඇතැයිද, ඒ සියලු දේශනවලට අතිවිශාල බෝන් අගේන් බැතිමතුන් පිරිසක් සහභාගි වූ බව ද වාර්තා වේ. ඕනෑම අයකුට ඕනෑම ආගමක් දහමක් ඇදැහීමට ඇති අයිතිය වෙනම කාරණාවක් වූවද, මෙවැනි සටකපට විජ්ජාකරුවකුට ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩදීම රටක කීර්තිය හෑල්ලුවට පත් කිරීමක් නොවේද ? තමා කරන්නේ අමූලික බොරුවක් බව දැන දැනම රටක ඉහළම මට්ටමේ සමාජ තලයකට අයත් ධනවතුන් පමණක් නොව අන්තිම දුගී දුප්පත් පහළම මට්ටමේ ජනතාවත් ඔහුගේ බොරුවට මායාවට රැවටී කාලය හා මුදල් නිකරුණේ නාස්ති කරගැනීම අතිශය කනගාටුදායක සිදුවීමක් නොවේද ? අනිත් අතට බෝන් අගේන් ආගමික නිකාය ඉහළට ඔසවා තැබීමට බුදු දහමත්, ඉස්ලාම් දහමත්, හින්දු දහමත් හෑල්ලුවට පත් කිරීමේ ප්‍රකාශයට නම් මෙරට ජනතාවගෙන් සමාව නම් කිසිදා ඔහුට නොලැබෙනු ඒකාන්තය.

ඔහු පාස්ටර් ජෙරොම්ගේ ගුරුවරයා වීම හෝ පාස්ටර් ජෙරොම් ඔහුට ගරුබුහුමන් දැක්වීම ඔහුගේ පෞද්ගලික කතාවකි. නමුත් බරපතළ කාරණාව වන්නේ තම පෞද්ගලික මතය හෝ විශ්වාසය ජනගත කිරීමට උත්සාහ කිරීමය. නොඑසේ නම් එසේ ජනගත කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව තවත් විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් ඇති කිරීමය.

කතාවේ හැටියට උයිබර්ට් ඒන්ජල්ට රටවල් 15ක ශාඛා ජාලයක් ඇත. ශ්‍රී ලංකාවත් ඊට ඇතුළත් බව අමුතුවෙන් කිව යුතු නැත. ඩොලර් බිලියන ගණනාවක රන් ජාවාරමක නිරතවී ඇත්තේ මෙවැනි පුද්ගලයෙකි. ඔහුගේ සුඛෝපභෝගී ජීවිතයත්, බිරිය හා දරුවන්ට රජසැප ලැබීමත් ඔහු කියන හැටියට දෙවියන් වහන්සේට පින්සිදු වන්නටය. අප දකින විදිහට අහිංසක ජනතාව ගොනාට අන්දවා උපයාගත් ධනස්කන්දයට පින්සිදු වන්නටය. පාස්ටර් ජෙරොම්ගේ කතාව ද ඊට දෙවැනි නොවන බව කෙසේ කියන්නද ?

විවිධ ආගමික උමතුවෙන් පෙළෙන පාස්ටර්ස්ලා මෙන්ම ඔවුන්ගේ දේවපුත්‍රයන් යැයි කියනු ලබන පුද්ගලයන් ද සියලු අන්ධ විශ්වාසයන් තමා සන්තකයේ තබා නොගෙන ඒවා ජනගත කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට උත්තර බැඳීමට සිදුවනු ඒකාන්තය.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top