Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
01
ලෝයර් නෝනා පාතාල හිතවතියක්ද..? පොලිස් විමර්ශනවලින් හෙළිවූ තවත් කාරණා කිහිප‍යක් මෙන්න...

- ලෝයර් නෝනා පාතාල හිතවතියක්ද..? පොලිස් විමර්ශනවලින් හෙළිවූ තවත් කාරණා කිහිප‍යක් මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

736 Views

අපරාධකරුට ගිනි අවිය සඟවා ගෙන යෑමට දණ්ඩනීති පොත, ව්‍යාජ හැඳුනුම්පත, වාහන අවසර පත හා නීතිඥ ටයි පටි දුන්නෙත් ඇයයි.


මෙවන් චෝදනා ගණනාවක් එල්ල වුණු මේ නීතිඥවරිය කවුද?

පොලිස් විමර්ශනවලින් හෙළි වූ ඒ කාරණා මොනවාද? බොහෝ දෙනෙක් මේ ගැන කතා කරනකොට මේ අන්න ඒ සිද්ධිය ගැන තවත් කාරණයක්.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය මෙහෙයවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම සගයා වන ‘දරූන්’ නමැති පාතාල අපරාධකරු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සංජීව ඝාතනය කිරීමට ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවාගෙන ඒම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපත් දෙකක් ලබාදී ඇත්තේ ද මෙම නීතිඥවරිය විසින් බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර දීම, නීතිඥවරුන් සඳහා නිතුත් කරන වාහන ඇතුළු කිරීමේ අවසර පත්‍රයක් සහ නීතිඥ ටයි පටි දෙකක් ලබාදී ඇත්තේ ද මෙම සැකකාර නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත.

පොලිසිය පවසන අන්දමට සැකකාර නීතිඥවරිය කාලයක සිට කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතම ගෝලයකු වන දරූන් අතර සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. ඒ සම්බන්ධතා උඩ පද්මේගේ උපදෙස් මත මෙම නීතිඥවරිය සංජීව ඝාතනය සඳහා සහායවීමට ඉදිරිපත් වී තිබේ.

දරූන්ගේ උපදෙස් මත මෙම නීතිඥවරිය ඉෂාරා සෙව්වන්දි මුණගැසී සංජීව ඝාතනයට අවශ්‍ය පහසුකම් සපයා ඇත. ඒ අනුව සංජීව ඝාතනය සඳහා පිස්තෝලය අධිකරණය වෙත රහසිගතව රැගෙන යෑමට අපරාධ විධිවිධාන සංග්‍රහයේ පිටපත් 2ක් ලබාදී තිබේ. සංජීව ඝාතනය සඳහා මෙහි එක් පිටපතක ඇතුළත පිටු කපා දමා එහි පිස්තෝලය සඟවාගෙන යෑමට ඝාතකයා කටයුතු කර තිබිණි.

ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට අධිකරණයට ඇතුළු වීම සඳහා නීතිඥ සංගමය මගින් නිකුත් කරන හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර දීමට ද කටයුතු කර තිබේ.

මේ අතර අධිකරණ භූමියට වාහනයක් ඇතුළු කිරීම සඳහා නීතිඥවරුන්ට ලබාදෙන වාහන ඇතුළු කිරීමේ බලපත්‍රයක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බව හෙළිවී ඇත.

මෙම ඝාතනය සිදුකළ කොමාන්ඩෝ සලිඳුට නීතිඥ ඇඳුමින් සැරසී යෑමට අවශ්‍ය නීතිඥවරුන් පළඳින ටයි පටි දෙකක් ද සෙව්වන්දිට ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය විසින් බවට විමර්ශකයන් විසින් හෙළි කරගෙන තිබේ.

සැකකාර නීතිඥවරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත.

සංජීව ඝාතනය සඳහා ආධාර අනුබල දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නීතිඥවරිය පිළිබඳ තොරතුරු අනාවරණය විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් කඩවත ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ පෙරේදා (28දා) රාත්‍රියේදීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඩුබායි සිටියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කර බැණවදින හඬපටයක් පසුගිය දිනවල ප්‍රචාරය වී තිබිණ. එම හඬපටයේ ලින්ටන් මහතාට පරුෂ වචනයෙන් බැණවැදී මරණ තර්ජනය එල්ල කරන්නේ දරූන් නමැත්තාය.

පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දරූන් සිට ඇත්තේ ඩුබායි රාජ්‍යයේ ය.

මේ වනවිටත් දරූන් ඩුබායි හි රැඳී සිටින බව පොලිසිය පවසයි.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top