"පෙරේදා ඓතිහාසික අරගලේ මහන්සිය නොබලා ඊයෙත් අරලියගහ මන්දිරේට ගියා එතනට එන ජනතාව එක්ක සිංදු කියන්න.
එතන ඉඳන් අරගලයට ආපු තව ගොඩක් අය එක්ක පයින්ම යන්න පිටත් වුනා කැස්බෑවට.
මගදි වාහන තුනක් අපිව මගින් මගට දාගෙන ආවා.
ඒ හැමෝටම ස්තූතියි...!
මේ ෆොටෝ එක කිලෝමීටර ගානක් පයින් යද්දි මහන්සියට කඩයක් ලඟ ඉඳගත්ත වෙලාවෙ ගත්තෙ.
එතන තිබ්බ මල්ගහකින් මේ වතුසුද්ද මල කඩා ගත්තෙ.
චාපියට මහන්සිය අමතක කරන්න... මෙහෙම ගෙවිලා යන්නෙ අපේ ජීවිත වල හොඳම කාලෙ.
අපේ සාරය, අභිමානය, සුවපහසුව, සතුට...
ඒත් ඊළඟ පරම්පරාව මෙහෙම පාරට ඇදලා දාලා, අතඇරලා, විනාස කරලා දාන්න දෙන්න බැහැ.
අරගලය වෙනුවෙන් වචනෙකින් හරි අවංකව දායක වුන මිනිස්සු ගැන පුදුම සතුටක් තියෙන්නෙ.
ඉතිහාසෙ පුරාවට ජඩ පාලකයින්ගේ අසාධාරණය හමුවේ තැලුණ මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් අරගල කරපු හැම මනුස්සයෙක්ම වීරයෙක්.
දශක ගනනාවක් සියල්ල අහිමිව මෙහෙම ජීවත් වුණ උතුරෙ අපේම මිනිස්සුන්ව සහා ඒ අරගලය හරියට තේරුම් ගන්න අපි හැමෝටම මේ අරගලය හොඳ පාඩමක්.
අපි හරි මාවත තෝරාගමු...!
බලය තියෙන්නෙ ජනතාව ලඟ මිසක් කාලකණ්ණි පාලකයො ලඟ නෙමෙයි කියන එක දැන් ප්‍රත්‍යක්ෂයි...!
අරගලයට ජයවේවා...!
මේ අමාරුම වෙලාවෙත් අපි හැකිතාක් ආදරය රැකගමු...!"