"මගේ ප්‍රතිපත්තිය වෙනයි එතුමාගේ ප්‍රතිපත්තිය වෙනයි...
අපි දෙන්නා අතර එහෙම තරහක් නෑ..."
ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්..
පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් තමන් ඇතුළු තවත් සහල් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන්ට ද මිත්‍රපාල ලංකේශ්වර මෙහිදී අදහස් පළකර සිටියා.
මාධ්‍යවේදියා විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ,
"මගේ ප්‍රතිපත්තිය වෙනයි එතුමාගේ ප්‍රතිපත්තිය වෙනයි...
අපි දෙන්නා අතර එහෙම තරහක් නෑ.." යනුවෙන්....
"මම එතුමට පරුෂ වචනයෙන් බැන්නා නම් මාව උස්සලා පොළවෙ ගහයි... " යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
එහි සම්පූර්ණ වීඩියෝපටය පහතින්....