පවතින දැඩි වර්ෂාපතනය සමග කොළඹ අවට මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මේ හේතුවෙන් මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි.
තුම්මුල්ල හංදිය, හෝට්න් පාරේකිංසි හංදිය, ඉබ්බන්වල හංදිය, බුලස් පාර හංදිය, පුස්තකාල වටරවුම, කනත්ත වටරවුම, ශාලිකා ක්‍රීඩාංගණය අසල, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල, ආමර් වීදිය මෙන්ම ජාවත්ත හංදිය ඇතුලු මාර්ගවල මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙනවා.
බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය නිසා අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අකුණු අනතුරු අවම කර ගැනීම පිළිබදව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.