Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
26
SF ලොකූගේ 37දෙනාගේ සෙට් එක උසාවි නග්ගන්න ගිහින් නිලධාරීන් අමාරුවේ වැටුණු හැටි

- SF ලොකූගේ 37දෙනාගේ සෙට් එක උසාවි නග්ගන්න ගිහින් නිලධාරීන් අමාරුවේ වැටුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

අනුරාධපුර සමාජශාලාවකදී ඝාතනය කෙරුණු වසන්ත සොයිසාගේ මරණයට සම්බන්ධ බවට සැකකෙරෙන එස් එෆ් ලොකූ හා ඔහුගේ ගෝලයින් පසුගියදා අධිකරණය හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී අධිකරණ භූමියට ඔවුන් 37 දෙනා රැගෙන ආවත් ඔවුන් රැඳවීමට එහි ඉඩ පහසුකම් නොතිබී තිබෙනවා.

මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 23වනදා පෙරවරු 9.30ට මුල්ම නඩුව ලෙස කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා හෝ වෙනත් පොලිස් පරීක්‍ෂකවරයකු විවෘත අධිකරණයේ පෙනී නොසිටීම අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.



එමෙන්ම මහෙස්ත්‍රාත් කලංසූරිය මහතා නඩුව දහවල් 12.45ට යළි කැඳවීමට නියෝග කරමින් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට හෝ වෙනත් පොලිස් පරීක්‍ෂකයෙකුට එකී වේලාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.


නඩුව දහවල් 12.45 දක්වා කල් තැබීම නිසා සැකකරුවන් අධිකරණයට රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන් අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබිණ. ඒ මෙම නඩුවට අදාළ සැකකරුවන් 37 දෙනා වෙනත් නඩුවලට අදාළ සැකකරුවන් සහ අනෙකුත් පිරිස් සමඟ අධිකරණ සිර මැදිරියේ හෝ විවෘත අධිකරණයේ තබා ගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසාය. පසුව මෙම නඩුවේ සැකකරුවන් 37 දෙනා යළි අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගොස් අධිකරණය පසුව කළ දැනුම්දීමක් අනුව පස්වරු 3.15ට යළි අධිකරණයට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.

ඒ අනුව පස්වරු 3.15ට මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම නඩුවට තමාට හෝ වෙනත් පොලිස් පරීක්‍ෂකවරයකුට මුල් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකිවීම පිළිබඳ අධිකරණයෙන් සමාව අයැද සිටියේය. මෙහිදී මූලස්ථාන ප්‍රධන පොලිස් පරීක්‍ෂකවරයා අමතමින් මහෙස්ත්‍රාත්වරයා පැවැසුවේ මෙම නඩුවට ජ්‍යෝෂ්ඨ පොලිස් නිලධාරියකු පැමිණීම සෑම නඩු දිනයකම අධිකරණය අනිවාර්ය කොට සලකන බවයි.

පොලිසිය මෙම සියලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අයුතු ජන රාශියක නියැළීම, කුමන්ත්‍රණය කිරීම, අයුතු ඇතුළු වීම, මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට ආධාර අනුබල දීම බරපතළ සහ සුළු තුවාල සිදු කිරීම, තර්ජනය කිරීම, දේපොළවලට අලාභහානි සිදු කිරීම, බිය වැද්දීම, මුදල් කොල්ල කෑම, භාණ්ඩ පැහැර ගැනීම යන චෝදනා යටතේයි. වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අපරාධයට යොදා ගත් බවට සැකකෙරෙන භාණ්ඩ 61ක් සොයා ගෙන ඇති අතර එම භාණ්ඩ 61 නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top