කොහුවල ප්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක් තුළ දිය නාමින් සිටි කොළඹ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා තරුණියන් පිරිසක් ස්නානය කරන අයුරු වීඩියෝ කළ මේසන් බාස් කෙනෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් මෙම දර්ශන වීඩියෝ කර ඇත්තේ කෝටුව ගැටගසන ලද දුරකතනයකින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මොහු වලපනේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අදාල ස්ථානයේ සිසුවියන් 35ක් පමණ නවාතැන් ගෙන සිට තිබෙනවා. බාස්ද අදාල නේවාසිකාගාරය භූමියේම වෙනත් ස්ථානයක තවත් ගොඩනැගිල්ලක් ඉදිකරන පුද්ගලයෙකු බවටයි සොයාගෙන ඇත්තේ.
පසුගිය දිනක සැන්දෑයාමයේ සිසුවියන් කිහිපදෙනෙක් එහි ඇති දියනෑමේ ස්ථානයට ගොස් කතා බහක යෙදෙමින් දියනාන අතර සැකකරා මේසන් බාස් ඔහුට අයත් දුරකථනය ලීයක ගැටගසා තාප්පයක් ඉහළින් එම සිසුවියන් සිටින දෙසට යොමුකර තරුණියන්ව රහසිගතව වීඩියෝ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
එම සිද්ධිය අහම්බෙන් මෙන් දුටු තරුණියන් ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී දැක ඇත්තේ තමන් දෙසට ලීයක ආධාරයෙන් එල්ලවී ඇති දුරකථනයකි. මෙය දැක මහ හඬින් කෑ ගැසූ තරුණියන්ගේ විලාපය ඇසුණු පාලිකාව වහාම දියනාන ස්ථානයට පැමිණෙන විට සැකකාර බාසන් පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පසුව පාලිකාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව කළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව සැකකාර බාස් අත්අඩංගුවට ගෙන 50,000බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.