එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති උවහොත් සියඹලගස්වැව අයියනායක දේවාලයට බිමි පෙරලෙමින් විත් දේවියන්ට භාරයක් ඔප්පු කරන බවට හිටපු යුධ හමුදා සෙබළෙකු වන සනත් කුමාර මහතා වූ පොරොන්දුව පසුගිය 10 වනදා ඔප්පු කර තිබෙනවා.
සනත් කුමාර ආඩිගම පදිංචි කරුවෙකි . ඔහු යුධ හමුදාවේ සේවය කරමින් සිටියදි වසර හයකින් පසු නිත්‍යානුකූලව ඉවත්ව විදේශීය රටක රුකියාවකට ගොස් ඇති බව පැවසේ.
නැවත ශ්‍රී ලංකාවට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයටද දායක වී ඇත. මැතිවරණ සමයේ සියඹලගස්වැව අයියනායක දෙවියන් හමුවේ භාර වි තිබුනේ එජාපය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකර දෙන ලෙසයි.
ඔහුගේ අරමුණ ඉටුවිමෙන් පසු වු භාරය ඔප්පු කිරිමට සැතපුම් තුනක් මහා මාර්ගය පෙරළෙමින් පැමිණ තමන් වූ භාරය දෙවියන් හමුවේ ඔප්පු කිරීමට ඔහු කටයුතු කිරිම දැක ගත හැකිවිය.