Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
සමුගන්න කළින් පුංචි සේයා ගෙදර අය එක්ක ගත කරපු අවසන් හොරා කිහිපයේ කියපු කතා

- සමුගන්න කළින් පුංචි සේයා ගෙදර අය එක්ක ගත කරපු අවසන් හොරා කිහිපයේ කියපු කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

‘‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ,
‘‘ආච්චි ඇයි ඔහොම ඇන්දේ.?‘‘

රටක් හඬවා ලොවින් වෙන්වූ පුංචි සේයාගේ අපරාධකරුවන් විශ්චිතවම හෙළිවනතුරු තවමත් රටපුරා දහ දහස් ගණන් ජනයා බලා සිටිනවා. පොලිසියද සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් මෙම සාහසික ක්‍රියාවට සම්බන්ද වූවන් සොයා දඬුවම් දෙන්නට දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිනවා. මේ සියල්ල අතර සේයාගේ මතකයන් නැවතත් ආවර්ජනය කරමින් ඇය අවසන්වරට තම ආදරණීය දෙමාපියන් සමඟ එක්ව කියූ සුරතල් කතාවන් පිලිබඳව වූ සටහනක් අපට ලැබී තිබෙනවා.
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළඟට ගොස් කැරකුණාය.

‘‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ‘‘ පුරුදු ලෙස දුරකතන ක්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය.



‘‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ. හයර් එකට යන්න‘‘

ඒ වන විටත් ඇඟලුම් කම්හ‍ලේ ප්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදානමින් උපුල් කීවේය. සේයා ආච්චි සෙව්වාය. සන්ධ්‍යාවේ දිය නා සුදු ඇඳුමින් සැරසී සිටි ආච්චි සේයා දුටුවාය.

‘‘ආච්චි ඇයි ඔහොම ඇන්දේ.?‘‘

මිනුවන්ගොඩ මළ ගෙදරක එදින යායුතු නිසා සේයාට රහසින් ඒ ගමන යන්නට සීයාත් ආච්චිත් දෙදෙනාම කතාවුණේ ඇය දැනගත්තා නම් ඇයවද කැටුව යන්නට සිදුවන නිසාය.

‘‘ඇඟ හෝදලා අඳින්න එකක් නැති හින්දා මේක ඇන්දා පුතේ.‘‘

ඒ නිසා ආච්චි සේයාට බොරුවක් කියා ඇයට නොදැනෙන්නට මග හැර ගියාය. සේයා අයියා හා නංගී සමග කාමරයට වී සෙල්ලම් කළාය. විනාඩියෙන් විනාඩිය රැය උදා වුණේය. රාත්‍රී 7.15ට පමණ සේයාගේ ආච්චි සහ සීයා ඇයට හොරෙන්ම මිනුවන්ගොඩ මළ ගෙදර පිටත් වූහ. ඒ වන විට නිවසේ සිටි සේයාගේ පියාද උපුල් 7.30ට පමණ නිවසින් පිටව ගියේ සේවා මුරය අවසන් වූ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහාය. එවර නිවසේ ඉතිරි වූයේ සේයාගේ අම්මා සහ අයියාත් නංගීත් පමණි.

සේයා සදෙව්මි බක්මීදෙණිය පස් හැවිරිදි දැරියකි. කොටදෙනියාව බඩල්ගම අකරංගහ ප්‍රදේශයේ ජීවත් වූ සමන්තිගේත් උපුල් නිශාන්තගේත් දෙවැනි දියණිය වූ සේයාට සත් හැවිරිදි අයියා කෙනෙක් හා දෙහැවිරිදි නංගියෙක් ද සිටියේය.

උපුල් සහ සමන්ති දෙදෙනාම රැකියාවට යන නිසා දරු තිදෙනා රැඳුනේ සීයා සහ ආච්චි සෙවණේය. සේයාගේ සීයා සහ ආච්චි උපුල්ගේ මව්පියන්ය.

ගෙදර එන සේයාගේ මුල්ම රාජකාරිය වන්නේ ඇඳුම් ද නොලිහා පෙර පාස‍ලේ පැවරුණ වැඩ කිරීමයි. අනතුරුව ඇඟ සෝදා කෑම කා අයියා හා නංගී සමග සෙල්ලමට වැටෙයි. මෑත කාලයේ නිවස පිටුපස අසල්වැසි ගෙදරක වූ ඔංචිල්ලාවක් පදින්නට යන්නටත් සේයා හුරු වූවාය.

පසුගිය 11 වැනිදා රැබෝවුණු සන්ධ්‍යාවේදීද අයියා හා නංගී සමග සේයා එසේ සෙල්ලම් කළාය.

‘‘ආච්චි නෑනේ. සීයා එක්ක කොහේද ගිහින්.‘‘

ඒ අතරේ ආච්චි නිවසේ නැති අඩුව දැනී සේයා අයියා සමග කීවාය. තවත් මොහොතකින් ඔවුන් රූපවාහිනිය ළඟවූ පුටුවලට ගියහ. ඒ වන විට කෑම ද කා සිටි දරුවෝ සමන්ති සමග රූපවාහිනිය නැරඹූ අතර බාලම දියණිය සමන්තිගේ ඇකයට වූවාය. සේයා සිටියේ සැටියේය.

‘‘මගේ උපන් දිනේට ඔයා මොනවද අම්මි මට දෙන්නේ.‘‘

සැටියේ වැතිරී සේයා මවගෙන් ඇසුවේ සැප්තැම්බර් 16 වැනිදාට යෙදෙන 5 වැනි උපන් දිනය මතක් කරමිනි.

‘‘මම කිව්වනෙ පුතේ. තාත්ති ඔයාට තෑග්ගක් බලලා තියෙන්නේ. ඒක ඔයාට ගෙනත් දෙනවා‘‘

සේයාගේ මුහුණ තෑගි ගැන මතක් කරද්දී අමුතු ලෙසින් එළිය වැටෙයි. ඈ තෑගිවලට ඉතා කැමැතිය. උපන් දිනේට තෑග්ගක් ඇය ඉල්ලන්නට ගන්නේ මාසයකටත් පෙර සිටය.

‘‘මොකක්ද අම්මි ඒ තෑග්ග.‘‘

ඒ මොකක්දැයි නොකියා ඉන්නට ඒ වෙලාවේ සමන්තිට හිතුනේ නැත.

‘‘ඔයා සයිස් ලොකු බෝනික්කෙක්.‘‘

සමන්ති කීවේ දියණිය සතුටු වන තරම දැනගෙනයි. ඇය ඉන්පසු පෙර පාස‍ලේ විස්තර ද සමන්ති සමග විටින් විට කියෙව්වාය. මොහොතකින් රූපවාහිනිය දෙස බලා සිටි කාවින්දි සමන්තිගේ ඇකයේම නින්දට වැටුණු අතර සැටියේ සිටි සේයාද නින්දට වැටී සිටියාය. සමන්ති මුලින්ම ඇකයේ සිටි බාල දියණිය රැගෙන ගොස් කාමරයේ ඇඳෙන් තැබුවාය.

දරු තිදෙනා සමග සමන්ති සහ උපුල් ඒ කාමරයේ නිදා ගන්නේ යුගල ඇඳක් සහ තනි ඇඳක් එක් කරය. යුගල ඇඳේ බාල දියණිය , සමන්ති සහ පුතු නිදා ගන්නට හුරුවී සිටි අතර තනි ඇඬෙහි සේයා සහ පියා නිදා ගත් බව කියයි. මේ ඇඳන් දෙක සඳහා ඔවුන් වෙන් වෙන්ව මදුරු දැල් පාවිච්චි කළ අතර යුගල යහන බිත්තිය අයිනට වන්නටත් තනි ඇඳ ඊටම යා කරත් තිබුණි. ඔවුන් නිදා ගන්නා විට හිස රැඳෙන පැත්තේ ඇඳ වියල් ජනේලය තිබූ බිත්තියට හේත්තු කර තිබූ අතර පළු හතරකින් සමන්විත ඒ ජනේල පඩියේ උසත් ඇඳ විය‍ලේ උසත් එක සමාන මට්ටමින් පැවතුණි. එහි එක් ජනේල පළුවක අනාරක්ෂිත බවක් තිබුණි. ඒ සේයා නිදන ඇඬෙහි හිස රැඬෙන පැත්තේ ජනේලය ග්‍රිල් රහිත වීමෙනි.

එහි සමන්ති සහ උපුල් දුටු එකම අනාරක්ෂිත බව වූයේ කාමරයට වී සෙල්ලම් කරන දරුවන් ඇඳට පැන ජනේලයෙන් පිටත පනින්නට හුරු වීමයි. ඔවුන් එම ජනේල පළුවේ ග්‍රිල් එක ගලවා දැමුවේ සේයා ඇතුළු දරු තිදෙනා දිනක් කාමරයට වී සෙල්ලම් කරද්දී දොරෙහි යතුරු වැටී දරුවන් කාමරය තුළ සිරවූ නිසා කාමරයට යෑමේ මගක් හැටියට බව කියයි. ඉන්පසු ග්‍රිල් එක ජනේලයට සවි කළද විටින් විට දරුවන් දොර වැසී කාමරයේ සිර වෙද්දී ඔවුන් ඒ කාමරයට ඇතුළු වී දොර ඇරගන්නට හුරු වූවා මිස නැතිවී තිබූ කාමරයේ යතුර සොයාගන්නට උනන්දු වූයේ නැත.

බාල දියණිය යුගල යහනෙහි තබා මදුරු දැල දමා ගිය සමන්ති සේයා ද ඔසවා ගෙනවුත් ඊට යාවූ තනි ඇඬෙන් තබා මදුරු දැල දමා කාමරයෙන් පිටව ගියාය. එවිට ජනේල වසා තිබූ බව ඇයට මතකය. තවත් මොහොතකින් පුතු ද පුටුවේ නිදා ගත් නිසා ඇය ඔහු ද ඔසවා ගොස් යුගල යහනෙහි තබා රූපවාහිනිය ළඟට ආ බව කියයි.

මේ අතරතුර කාලයේ පළමු ප්‍රවාහන රාජකාරිය අවසන් කර නිවසට පැමිණ සිටි උපුල් 9.45ට පමණ රාත්‍රී දහයේ වැඩමුරය අවසන් වන අයවළුන් නිවෙස් කරා ගෙන යන්නට නිවසින් පිටව ගිය බවද කියවෙයි.

මිනුවන්ගොඩ මළ ගෙදර ගිය උපුල්ගේ මව්පියන් රාත්‍රී 10 පසු වී නිවසට එනවිටත් සමන්ති රූපවාහිනිය බලමින් සිටියාය. ඔවුන් පැමිණි පසු නිවසේ දොර ඇර ඇත්තේ ද සමන්ති විසිනි. නිවසට පැමිණි ඔවුන් කුස්සියට ගොස් කෑම ද කෑ බවත් ඉන් පසුව සේයාගේ සීයා නිදාගන්නට කාමරයට ගිය බවත්, ආච්චි සමන්ති සමග රූපවාහිනිය ළඟ දී රූපවාහිනියේ ප්‍රවෘත්තිත් බැලූහ.

‘‘අපි නිදාගමු. උපුල් එනකොට රෑ වෙනවනේ.‘‘

සමන්ති නැන්දම්මා හා කියා රූපවාහිනිය ළඟින් නැගිට්ටාය. සාමාන්‍යයෙන් හැමදාමත් උපුල්ට ඇඟලුම් කම්හල් දෙකකින් ප්‍රවාහන රාජකාරි ලැබි තිබුණේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවලත් ඇතැම් බ්‍රහස්පතින්දා දිනවලත් ය. ඒ නිසා ඔහු රාත්‍රී 11.00 වන විට නිවසට පැමිණෙයි. ඇතැම් අවස්ථාවක ආයතනවලට වුවමනාවක් ඇති වුවහොත් තවත් අමතර ගමන් වාරයක් ලැඛෙන බවද ඔහු කියයි. එවිට එන්නේ තවත් රෑවීය. ඔහු ගෙදරට එන විට දොර ඇරගන්නට අමතර යතුරක් භාවිතා නොකළත් ඔවුන් විසින් එක් තරා අනාරක්ෂිතවූ ක්‍රමයක් රාත්‍රියේ දොර ඇරගන්නට භාවිතා කර තිබුණි. ඒ නිවසේ පිවිසුම් දොර යතුරු නොදමා වසා තැබිමෙනි.

ආච්චි සීයා සිටි කාමරයට යද්දී සමන්ති කාමරයට ගොස් යුගල ඇඳෙහි බාල දියණිය හා පුතු ළඟින් වැතිරුණ බව කියයි.

සිය රාජකාරිය රාජකාරි නිමවූ උපුල්ට තවත් අමතර ප්‍රවාහන රාජකාරියක් එදාද ඇඟලුම් කම්හලෙන් ලැබුණෙන් ගෙදර එන වෙලාව පමාවිය. රාත්‍රී 12.10ට පමණ උපුල් නිවසට පැමිණ ඇත. ඔහු යතුර නොදමා වසා තිබූ දොරද ඇරගෙන නිවසට ආවේය. උපුල් කාමරයට ගොස් විදුලි පහන දල්වද්දී ජනේලය ඇර දමා තිඛෙනු දුටු බව කියයි. ඒත් ඒ වැස්සේ ජනේලය ඇරියේ ඇයිදැයි බිරිඳගෙන් අසන්නට හෝ එය වසන්නට ඔහුට සිතී නැත.

එමෙන්ම සේයා ද ඇඳේ සිට නැත. මදුරු දැලද ඇකිලී තිබුණි. සේයා රැයට ඇඳේ නොසිටීම ඔවුනට සාමාන්‍ය දෙයකි.

ඒ ඔවුන් සමග නිදා ගන්නා සේයා රාත්‍රී කීයට හෝ ඇහැරුණු විට ඇඳෙන් බැස සීයා සහ ආච්චි සිටින කාමරයට යන්නට හුරුවී සිටින නිසාය. උපුල් ඇඳෙහි වැලි ද තිබෙනු දුටුමුත් දරුවන් සෙල්ලම් කර වැලි රැදෙන්නට ඇතැයි ඔහු සිතූ බව කියයි. උපුල් අතින් ඇඳෙහි වැලි පිස මදුරු දැල සැකසුවේය.

‘‘සේයා ඇඳේ ඉන්නවද?‘‘

උපුල් පැමිණි බව දැක හෝ දැනී සමන්ති ඇසුවාය.

‘‘සේයා නෑ.‘‘

උපුල් ඇයට ඇසෙන්නට කීවාට සමන්ති නින්දෙන් නැගිට ඔළුව හෝ උස්සා බැලුවේ නැත.

‘‘අම්මා ගාවට යන්න ඇති.‘‘

සමන්ති ඔහුට ඇසෙන්නට කී අතර උපුල් ද හිස් ඇඳ දුටුමතින් සිතුවේ එය බව කියයි.

රැයට ඉඩදී සියල්ලෝම සුව නින්දට වැටී උන්හ. රැය ගෙවුණි. පසුදා සෙනසුරාදා නිසා සමන්ති පාන්දර හතරට නැගිට්ටේ නැත. ඒත් සේයාගේ සීයාට රාජකාරියට යන්නට ඇති නිසා පාන්දර 5.20ට පමණ ආච්චි සහ සීයා නැගිට ඇත. ආච්චි විසින් සාදා දුන් තේද බී ඔහු මුහුණ අතපය හෝදන්නට යන විට සමන්ති හා කුඩා දියණියත් අවදිවී සිටියහ. ඉන් මොහොතකට පසු උපුල් සහ පුතු ද අවදි වූහ. සේයා නැගිටින්නේ තවත් පමා වී නිසා ඇයව නැගිටුවන්නට කවුරුවත් උනන්දු වූයේ ද නැත. ඒ කාලය ද පසුවී සේයා නොදුටු නිසා සීයා ඇයව සෙව්වේය.

‘‘කෝ අනේ සේයා?‘‘

ඔහු කාගෙන් හෝ උත්තරයක් බලා‍පොරොත්තුව ඇසුවේය.

‘‘සේයා නිදිනේ.‘‘

කුස්සියේ සිටි ආච්චි හෝ සමන්ති කියනු ඇසුණි. ඔහු සමන්තිලාගේ කාමරයට ගොස් බැලුවේ ඔවුන්ගේ කාමරයේ සේයා නොසිටි බව දැන සිටි නිසාය.

‘‘ළමයා ඇඳේ නෑනේ.‘‘

එහි ඈ නැති නිසා නැවතත් සීයා කීවේය.

‘‘ඇඳේ නිදි.‘‘

එවර ඇසුණේ ආච්චිගේ හඬය. ඒ නිසා සීයා නැවත ඔවුන්ගේ කාමරයට ගොස් බැලුවේ පසුව හෝ ඇය පැමිණියා වන්නටැයි සිතමිනි. එහිද සේයා නැත. ඇය නැගිට සෙල්ලමට කොහි හෝ හැංගී ඇත්දැයි ඔහු ගෙතුළ බැලුවේය. ඒත් නැත.

‘‘ළමයා ඇඳේ නෑනේ යකෝ. හොයපියව්‘‘

එතැනින් පසුව සිදුවූ දෙය හා ඊට සම්බන්ධ වූවන් ගැන තවමත් සොයන පොලිසිය නුදුරේදීම ඝාතකයන්ව අත්අඩංගුවට ගන්නට කටයුතු කරුණු ඇත. මේ සියල්ලම අතර තම දරුවන් ගැන දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව ලොවට පසක් කළ මේ ඝාතනයෙන් පසුවවත් ඔවුන් ඒ ගැන අවධානය යොමු කරනවානම් අකාලයේ වියැකෙන පුංචි මල් කැකුළු ආරක්ෂා කරගැනීමට අපට හැකිවනු ඇත.

සටහන ගයාන් ගා‍ල්ලගේ / බියංකා නානායක්කාර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top