ජනප්‍රිය ගායක දිමන්ක වෙල්ලාලගේ ගායනා කරන "අවසාන ප්‍රේමයයි" ගීතයේ පිළිතුරු ගීතය මේ දිනවල ඔබට අසන්නට ලැබෙනවා. මෙම ගීත දෙකෙහි පද රචනය සිදුකර තිබෙන්නේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසින්.
මෙම ගීතය හිරු ගොසිප් ඔස්සේ මුල්වරට ඔබවෙත ගෙන ආ අතර පිළිතුරු ගීය සම්බන්ධයෙන් පසුගිය දිනෙක දිමන්කද අපවෙත අදහස් දක්වා සිටියා. එමෙන්ම ඩිලාන් පවසන්නේ මෙම ගීතය නිර්මාණය කිරීමට තමන්හට කිසිදු අදහසක් නොතිබූ බවයි.
ඩිලාන් ගමගේ ගීතය නිර්මාණය සම්බන්ධයෙන් අපවෙත දැක්වූ අදහස් පහතින්.....
‘‘මං කවදාවත් එහෙම දෙයක් කරලා තිබ්බෙත් නැහැ. අපි මේ ක්ෂේත්‍රයේ යම්කිසි දෙයක් කරගනිමින් ඉන්න වෙලාවක අපිට නවකයෙක්ට අතදෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි හොදම අවස්ථාව කියලා තමයි සිංදු මම කරේ. අනිත් එක තවත් මේකේ දෙයක් කියන්න ඕන දෙයක් තියෙනවා. මම දැක්කා දිමන්ක මල්ලි කියලා තිබ්බා මේක හරි වේදනාකාරී දෙයක් මේක මේමයි කියලා. මේක ඇතුලේ තවත් සැගවුණු කතාවල් ගොඩක් තියෙනවා. මේ ගීතයේ සියලුම අයිතීන් තියෙන්නේ මම ගාව.
මම දිමන්කට මේ සිංදුව ගායනය වෙනුවෙන් රු. 450,000ක මුදලක් ගෙවලා තියෙනවා. එතකොට මේ ගීතය නිර්මාණය කරලා මං දිමන්කට කිව්වාම් පස්සේ මට කිව්වා අයියේ කමක් නෑ මගේ නම දාන්න කියලා Original Singer කියලා. එතනදී ඇත්තටම මම ඒ නිකුත් කළ ගීතයේ හැමතැනම දිමන්ක වෙල්ලාලගේ තමයි මේකේ Original Singer කියලා නම දැම්මා.
ඊට පස්සේ මම හිතන්නේ එයා මට කතා කරලා කිව්වා අයියේ මේකෙන් මගේ Show ටික නැතිවෙයි ද දන්නේ නෑ. පොඩ්ඩක් අකමැත්තක් ප්‍රකාශ කළා. ඊට පස්සේ තමයි එයා මම හිතන්නේ මම නොදැන කරපු දෙයක් කියලා එයා මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බා. දිමන්ක මල්ලි තාම ආධුනිකයෙක්. ආධුනිකයෙක් විදිහට ඇයි තව ආධුනිකයෙකුට මේ තරම් පහර ගහන්නේ, ඊර්ෂියා වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නෙත් නැහැ. තමන් කොහොමද ක්ෂේත්‍රයට ආවේ කියලා මෙච්චර ඉක්මනට අමතක වෙන්නේ ඇයි කියලා මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා." හඬපටය පහතින් අහන්න... අවසාන ප්‍රේමයයි මාගේ දිමන්ක ගැයූ ගීතය හා පිළිතුරු ගීය පහතින්....VIDEO VIDEO සංවාදය නිසලි ප්‍රබුද්ධිකා