මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත්වී හමාරය. එයට අනුව පසුගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර පාර්ලිමේන්තු යෑමේ වරම් අහිමිවී තිබේ. ඉන් වැඩි පිරිසක් ශ්‍රී.ල.නි.ප. සාමාජිකයන් බවටද ආරංචි වේ.
මේ වන විට නිකුත් වී ඇති මනාප වලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ චන්ද්‍රසිරි සූරියආරච්චි, ජයසිංහ බණ්ඩාර යන අයට තම අසුන අහිමි වී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරූපමා රාජපක්ෂ, වී.කේ. ඉන්දික යන අයටද බදුල්ල දිස්ත්‍රික්කයේ උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රෝහණ පුෂ්පකුමාරටද අසුන් හිමිවී නැත.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සරත් වීරසේකර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩබ්.බී. ඒකනායක, තිස්ස කරල්ලියද්ද යන හිටපු මන්ත්‍රීවරුන්ටද මෙවර තම මන්ත්‍රී අසුන අහිමි වී තිබේ.
ගණනය කළ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව මන්ත්‍රීවරම් අහිමිවූ හිටපු මැති ඇමතිවරුන් අතර, මාතර දිස්ත්‍රික්කයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජය දහනායක, හේමාල් ගුණසේකර, කළුතර දිස්ත්‍රික්කයේ මහින්ද සමරසිංහද වේ. එමෙන්ම හිටපු රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායකද පරාජයට පත්ව ඇත.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත් මාතලේ දිස්ත්‍රික්කයේ නන්දිමිත්‍ර ඒකනායක, රෝහණ දිසානායක, ගාල්ල දිස්ත්‍රික්කයේ පියසේන ගමගේ, ගුණරත්න වීරකෝන්, මොනරාගල දිස්ත්‍රික්කයේ විජිත් විජියමුණි සොයිසා හා ජගත් පුෂ්පකුමාර සහ මහනුවර දිස්ත්‍රික්කයේ එස්.බී. දිසානායක යන මහත්වරු මේ අතර වේ.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ ෆීලික්ස් පෙරේරා, රුවන් රණතුංග, සරත් කුමාර ගුණරත්න, උපේක්ෂා ස්වර්ණමාලි මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක, වයි.ජී. පද්මසිරි, අතාවුද සෙනෙවිරත්න සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියොමාල් පෙරේරා, දයාශ්‍රිත තිසේරාද මෙවර මැතිවරණයෙන් පරාජය වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ගීතාංජන ගුණවර්ධනටද සිය අසුන අහිමි වී ඇත.