ඇය කලක පටන් අසනීප තත්ත්වයෙන් සිට තිබෙනවා.
1959 වසරේදී උපත ලැබූ සුරේනි සෙනරත් පළමු වරට රංගන දායකත්වය ලබාදුන්නේ අමරණීය ආදරය චිත්‍රපටයටයි.
කළුතර බාලිකා විදුහලෙන් සහ කොළඹ රොස්මිඩ් බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය ලොකු තාත්තා, සර්කස් කාරිය, මල් වරුසා, හිත හොඳ සූරයෝ , සතුටය කිරුළ අපේ යනාදී චිත්‍රපටවල රඟපෑ චරිත කැපී පෙනුණා.
සරසවිය, ලක්ස් නැගී එන නිළි සම්මාන ලැබූ සුරේනි ජයග්‍රහණය, කළු කපා එලි , භූමරංගය, ඇතුළු ටෙලි නාට්‍යවලද වලාකුළු, පරෙවි කිරිල්ලී, යකඩ සපත්තු, නරලොවට වැඩ ඇතුළු වේදිකා නාට්‍යවලටද රංගන දායකත්වය ලබාදුන්නාය.
ජීවන රඟ මඩලෙන් බැස ගිය සුරෙනි සෙනරත් ඔබට හිරු ගොසිප් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.