දක්ෂ වයලීන් වාදකයෙක් හැටියට විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන සිටි රුවන් වීරසේකර අසාධ්‍ය තත්වයයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.
රුවන්ගේ සහෝදරයෙක් වෙන මංගල වීරසේකර කියන විදියට රුවන් කාලයක් තිස්සේ දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවලු. ඉතින් අසනීප වුණු දවසේ රෑ ඉන්සියුලින් පාවිච්චි කරලා රාත්‍රී ආහාරය නොගෙනයි ඔහු නින්දට ගිහින් තියෙන්නේ.
ශරීරයේ සීනි මට්ටම අඩුවීම නිසා ඇතිවුණු කෝමා තත්වය හේතුකරගෙනයි රුවන් වීරසේකරව රෝහල් ගතකරලා තියෙන්නේ. හැබැයි තාමත් ඔහුට පියවී සිහිය ලැබිලා නැහැ. වෛද්‍යවරු කියන විදියට ඒකට හේතුව රුවන්ගේ මොළයට සිදුවෙලා තියෙන හානියලු. ඒ වගේම ඔහු සුවවෙන්න කාලයක් යයි කියලත් ඔවුන් කියනවා.
මංගල වීරසේකර කියන විදියට තමන්ගේ සොහොයුරාගේ රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ඉන්දියාවේ හෝ තියෙනවාද කියලා ඔවුන් මේ දිනවල හොයනවලු. ඒ වගේම රුවන් වීරසේකර අසනීප වුණු දිනයේ මේ දක්වා රසික රසිකාවියන්ගෙන් වගේම සහෝදර කලා ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැන ඔහු මතක් කළා.
ඔහු අපිත් එක්ක කීව කතාව ඇතුලත් හඬපටය පහතින් අහන්න....
සංවාදය - හර්ෂ මෙන්ඩිස්