හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක සංගීත ගුරුවරියකට පාසැලේදීම අතවර කරන්නට හැදූ ගුරුවරයෙක් හොඳහැටි ගුටිකෑ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. අදාලා ගුරුවරයා විසින් ගුරුවරිය සිටි සංගීත කාමරයට කාටත් හොර රහසේ ගොස් ඇති අතර ගුරුවරියද සංගීත කාමරයේ සිට ඇත්තේ තනිවයි.
ගුරුවරිය වෙත ලංවූ ගුරුවරයා එකවරම ඇයට අතවර කරන්නට සැරසී ඇති අතර එයින් මිදී පලායන්නට ගුරුවරියට හැකිවී තිබෙනවා. පසුව මේ සම්බන්ධයෙන් වූ පුවත පාසැල පුරා පැතිරී ගොස් තිබෙනවා.
තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වූ ගුරුවරයා ගුරුවරියගෙන් සමාව ගන්නට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී ගුරුවරියගේ අතින් හොඳහැටි කනේ පහරක්ද කෑමට ඔහුට සිදුවී තිබෙනවා.
තමන්ට පාසැලේදී වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය නිවසට ගොස් සිය සැමියාටද ප්‍රකාශ කිරීමත් සමගින් ඔහු පාසැලවෙත පසු දින පැමිණ ඇත්තේ ගුරුවරයාට හොඳහැටි පාඩමක් උගන්වන්නට සිතාගෙනයි. තවත් පිරිසක්ද එයට එකතු වී ඇති අතර ගුරුවරයාට ගුටිබැට දෙන්නට මෙහිදී ඔවුන් කටයුතු කර තිබෙනවා.
ගුටි කෑ ගුරුවරයා මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කර ඇත්තේ පිරිසක් විසින් ඔහුට පහරදුන්නා කියායි. මේ පිළිබඳව තොරතුරු සොයාබැලීමට පාසැලට ගිය පොලිස් නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනංගයා මීට පෙරද ගුරුවරියන් හට පාසැලේදී අතවර කරන්නට සැරසී ඇති බවයි.
නමුත් ඒ පිළිබඳව පැමිණිලි කරන්නට වී නැත්තේ පාසැලේ කීර්තිනාමයට හානියක් වේ යැයි යන කරුණ නිසාවෙන් බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.