තම තමන්ගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථනවල තබා ගත් ලංගම රියදුරකු සහ ඔහුගේ අනියම් පෙම්වතිය වූ කලුතර රජයේ කාර්යාලයක ලිපිකාරිනියක පිළිබඳව මතුගම අධිකරණයෙන් වාර්තා වනවා.
ජංගම දුරකථනවල තිබූ ඔවුන්ගේම නිරුවත් ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට යොමුකර ඒ පිළිබඳ තාක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළා.
විවාහක සැමියා විසින් අතහැර දමන ලද එම කාන්තාව මතුගම ප්‍රදේශයේ සිට රැකියාවට යන අතරතුර බස් රථ රියැදුරකු හා මිතුරුව අනියම් අඹු සැමියන් බවට පත්ව තිබෙනවා.
ඒ අතරතුර මෙම කාන්තාවගේ පහසට රැවටී බස් රථ රියැදුරු රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අත මාරුවට කාන්තාවට ලබාදී ඇති බව සඳහන්.
එම දෙදෙනා තම තමන්ගේ ජංගම දුරකථනවලින් එකිනෙකාගේ නිරුවතද ඡායාරූපද ගෙන තිබෙනවා.
එහෙත් එම කාන්තාව තවත් තරුණයකුගේ පෙම්වතියක් බව දැනගත් බස් රථ රියැදුරු පෙම්වතා තමා දුන් මුදල් ඉල්ලා ඇයට කරදර කර ඇති නිසා කාන්තාව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.