බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී පරාජයට පත් කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දු කොටන ලද සෙල්ලිපිය අතුරුදන්ව ඇති බැවින් ඉකුත් සෙනසුරාදා සිට එය සොයා රටපුරා මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඉකුත් සිකුරාදා මැතිවරණයේදී ලත් පරාජයෙන් පසු කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වූ එඩ් මිලිබෑන්ඩ් පසුගිය 3 වෙනිදා මේ සෙල්ලිපිය විවෘත කරනු ලැබුවා.
ප්‍රධාන මැතිවරණ පොරොන්දු 6ක් මේ සෙල්ලිපියේ කොටා තිබූ බවයි පැවසෙන්නේ.
මැතිවරණයෙන් පසු කම්කරු පක්ෂය ජයගත්තේ නම් එම සෙල්ලිපිය ඩවුනින් වීදියේ අගමැති කාර්යාලය අබියස නංවාලීමට සැලසුම් කර තිබුණා.
එඩ් සෙල්ලිපිය, මිලි සෙල්ලිපිය, මිලිබෑන්ඩ්ගේ දේශපාලන සොහොන් කොත යනාදී නම්වලින් මාධ්‍ය මගින් සම්ච්චලයට ලක් කෙරුණු මේ සෙල්ලිපිය මිලිබෑන්ඩ් විසින් විවෘත කරන ලද්දේ දකුණු වෙරළේ හේස්ටින්ස් හි රථ ගාලකදී.
මේ අතර කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වනු ඇතැයි අපේක්ෂිත හැරියට් හාමන් එය නැතිවී නැති බව කියා ඇත්තේ එය කොහේ ඇත්දැයි සඳහන් නොකරමින්.