Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
04
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට කතරගම පුද බිමට වාර්ථාගත ජන ගඟක් ! ( ඡායාරූප හා වීඩියෝ)

- හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට කතරගම පුද බිමට වාර්ථාගත ජන ගඟක් ! ( ඡායාරූප හා වීඩියෝ)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

මේ වන විට කතරගම කිරිවෙහෙර හා මුළු කතරගමටම ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෙන්වන්නට ආසියානු මාධ්‍යජාලය සමත්වෙලා තියෙනවා. ඉතිහාස කතාවේ ප්‍රථම වතාවට මෙවැනි ජනතාවක් කතරගමට රැස්වුණේ. - කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමි

කතරගම - කිරිවෙහෙර කේන්ද්‍ර කර ගනිමින් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාව කතරගම ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියවීමට සමත් වුණා.
 
කතරගමට  ඉතිහාසය තුළ පැමිණි විශාලතම ජන ගඟ මෙවර දක්නට ලැබුණ බවයි  කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් සඳහන් කළේ.
 


උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට කතරගම - කිරිවෙහෙර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. හිරු ශාක්‍යසිංහ මංගල්‍යය උදෑසන ආරම්භ කෙරුණේ ශීල සමාදාන කටයුතුවලින්.
 
කිරිවෙහෙර පුද බිමේ පැවැති ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ හිමි විසින්. 
 
සෑම පොහෝ දිනකම හිරු ටී.වී. මගින් විකාශය කෙරෙන දිව්‍ය වංශ වැඩසටහන  කතරගම අෂ්ඨපළ බෝරුක් සෙවනේ සිට පැවැත්වුණු අතර එම වැඩසටහන මගින් කතරගම දෙවියන් පිළිබද සාකච්ඡාවට බඳුන් වුණා. මේ වැඩසටහන සදහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. 
 
ඉතිහාසයේ ප්‍රථම වරට කතරගම මහා දේවාලයේ තේවාව සජීවීව විකාශය කිරීමටත් හිරු ටි.වී. වෙත එහි දී අවස්ථාව හිමි වුණා. එමෙන්ම වස්කඩුව ශ්‍රී සුභූති රාජගුරු විහාරයේ බුද්ධ පූජාව සහ  කතරගම කිරිවෙහෙර විහාරයේ බුද්ධ පූජාව හිරු ටී.වි. ඔස්සේ සජීවීව දැක බලා ගැනීමට ලක්වාසී බැතිමතුන්ට අවස්ථාව උදා වුණා. 
 
කිරිවෙහෙර බෝ සමිඳු සෙවනේ ධර්ම සාකච්ඡාව පැවැත්වුණේ සවස් කාලයේයි. 
 
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව,  ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කෙරෙන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාවද  සන්ධ්‍යවේ පවත්වනු ලැබුවා. එතුමන් අතින් කතරගම කිරිවෙහෙර පූජා භූමියට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම ද මෙහිදී සිදු වුණා.

කිරිවෙහෙර පුදබිමට දිවයිනේ නන්දෙසින් පැමිණි සිටි  ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාදයන් මැද චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරණු ලැබුවේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතිනුයි.

මෙම පින්කම් සඳහා ආසියානු මාධ්‍ය ජාලය විසින්  ජන ගඟක් ගෙන ඒම බෞද්ධ ජනතාවට කළ මෙහෙවරක් ලෙස කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් පෙන්වා දෙනවා.

"ආසියානු මාධ්‍යජාලය විසින් කිරිවෙහෙර විහාරස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගෙන්වලා, ශීල ව්‍යාපාර කටයුතු, ධර්ම දේශනා කටයුතු වගේම ලක්ෂ සංඛ්‍යාත පහන් ආලෝක පූජාවක් සිද්ධ කරලා විදුලි ආලෝකයෙන් කිරිවෙහෙර ආලෝකමත් කරලා බෞද්ධ ජනතාවට කලයුතු මෙහෙවර කල්පනා කරලා ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය බොහෝ දුෂ්කරතාවයෙන් මේ කටයුතු සිද්ධ කරලා මේ වන විට කතරගම කිරිවෙහෙර හා මුළු කතරගමටම ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෙන්වන්නට ආසියානු මාධ්‍යජාලය සමත්වෙලා තියෙනවා. ඉතිහාස කතාවේ ප්‍රථම වතාවට මෙවැනි ජනතාවක් කතරගමට රැස්වුණේ.
 
මං හිතන්නේ කිරිවෙහෙර විහාරස්ථානයේ නව පිටුවක් පෙරළෙන යුගයක් බවට පත්වෙලා තියෙනවා. රේනෝ සිල්වා මැතිතුමන් ප්‍රධාන සියළු දෙනාටම මෙවැනි කර්තව්‍යයන් කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය්‍ය, නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ ලැබේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා."

කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන්ගේ වීඩියෝව පහතින් නරඹන්න 



හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top